عَنْ زَيْنَبَ بِنْتِ جَحْشٍ رَضِيَ اللَّهُ عَنْها أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَيْهَا فَزِعًا يَقُولُ:

«لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَيْلٌ لِلْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ، فُتِحَ اليَوْمَ مِنْ رَدْمِ يَأْجُوجَ وَمَأْجُوجَ مِثْلُ هَذِهِ» وَحَلَّقَ بِإِصْبَعِهِ الإِبْهَامِ وَالَّتِي تَلِيهَا، قَالَتْ زَيْنَبُ بِنْتُ جَحْشٍ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ: أَنَهْلِكُ وَفِينَا الصَّالِحُونَ؟ قَالَ: «نَعَمْ إِذَا كَثُرَ الخَبَثُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බියට පත්ව තමන් වෙත පිවිස මෙසේ පවසා සිටි බව සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්රමාණයට විවෘත වී ඇත.” එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වීය. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද? යැයි විමසුවෙමි. එතුමා: "c2">“ඔව්, නපුර අධික වූ විට” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

විශ්වාසීන්ගේ මව්වරයක වූ සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මුහුණ රතු වූ තත්ත්වයේ ඇය වෙත පිවිස ඒක දේවත්වය තහවුරු කරමින් හා හදවත් සන්සුන් කරමින් ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පැවසීය. පසුව ඔහු අරාබිවරුන්ට ‘ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ.’ යැයි අවවාද කළේය. පසුව ඇත්තෙන්ම එම නපුර නම් යඃජූජ් මඃජූජ්ගේ බාධකයෙන් කුඩා විවරයක් දබර ඇඟිල්ල හා මහපට ඇගිල්ල අතර වට්ටාරමක තරමකට විවෘත වී තිබීමය යැයි පැහැදිලි කළේය. සෙයිනබ් තුමිය: ‘අල්ලාහ්ගේ දූතයාණනි, දැහැමියන් අප අතර සිටියදී අපි විනාශ කරනු ලබන්නෙම් දැ?’යි විමසා සිටියාය. එවිට සැබැවින්ම දැහැමියා විනාශ වන්නේ නැත. සැබැවින්ම ඔහු ආරක්ෂා සහිතව සමත් වන්නෙකි. නමුත් නපුර අධික වූ විට දැහැමියන් පවා විනාශ වී යති. සමාජය තුළ නපුරු ක්රියාවන් අධික වී මුස්ලිම්වරුන් පවා එහි සිටිය ද එය හෙළා නොදුටුවේ නම් සැබැවින්ම විනාශය කරා ඔවුන්ව ද ඉදිරිපත් කරනු ලබති.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

يَأْجُوجَ ومَأجُوجَ:
اسم لقبيلتين من العجم، وهم من بني آدم، يظهرون آخر الزمان ويفسدون في الأرض، ويكون ظهورهم من علامات قُرب يوم القيامة.
අමතර