عن عبد الله بن مَسعود رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم : «أَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ يَوْمَ الْقِيَامَةِ فِي الدِّمَاءِ».
[صحيح] - [متفق عليه، واللفظ لمسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම විෂයයෙහිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්ය.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මැවීම්වලින් ප්රශ්න කරයි. පසුව ඔහු ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙයි. එය අපරාධ කරුවන්ගෙන් ඉතා බරපතල දැයින් ආරම්භ කරයි. ඒ අනුව බරපතලම දෑ වනුයේ ලේ වැගිරීමයි. අපරාධකරුවන්ගෙන් සිදුවන දැයින් වඩාත් දරුණුතම කරුණ එයයි. බලවත් දිනයෙහි පළමුව තීන්දු කරනු ලබනුයේ ඒ ගැනය. එය ගැත්තන් අතර පවතින අපරාධ සම්බන්ධයෙන් වූවකි. ගැත්තාගේ නැමදුම් වූ කලී එහි දී පළමුව පරික්ෂාවට ලක්වනුයේ සලාතයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර