ප්‍රවර්ගය:
+ -
عن أبي مَرْثَدٍ الغَنَوِيّ رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:

«لَا تَجْلِسُوا عَلَى الْقُبُورِ، وَلَا تُصَلُّوا إِلَيْهَا».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 972]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 972]

විවරණය

මිනීවළවල් මත වාඩිවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.
එමෙන්ම සලාත් ඉටු කරන්නා කිබ්ලා දිශාවට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවල්වල් ඉදිරියේ සලාත් ඉටු කිරීම ද වැළැක්වූහ. මක්නිසාද යත් එය බහුදේව මාර්ගය වන බැවිනි.

හදීසයේ හරය

  1. සුන්නාවේ සඳහන්ව ඇති පරිදි ජනාසා සලාතය හැර, මිනීවළවල් මත හෝ ඒවා අතර හෝ ඒ දෙසට හෝ වෙනත් සලාත් ඉටු කිරීමේ තහනම.
  2. බහුදේවවාදයේ කඩතුරාව අවහිර කිරීම සඳහා සොහොන් දෙසට සලාත් ඉටු කිරීමේ තහනම.
  3. සොහොන් සම්බන්ධයෙන් අතිශයෝක්තියට නැංවීම සහ ඒවාට අගෞරව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත. එබැවින් අධිත සැලකිලි හෝ නොසැලකිල්ලක් නොතිබිය යුතුය.
  4. "මිය ගිය දේහයේ අස්ථි කඩා දැමීම, ජීවත්ව සිටිය දී ඔහුගේ අස්ථි කඩා දැමුවා හා සමානය" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුව මුස්ලිම්වරයකු මිය ගිය පසුව ද ඔහුගේ ගෞරවය එසේම පවතිනු ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර