නබි වදන් ලැයිස්තුව
1. සලාතය ඉටු කිරීම සඳහා ඇරයුම් කරනු ලැබ, රාත්රී භෝජනය ද ගෙනැවිත් ඇති විටෙක රාත්රී භෝජනයෙන් ආරම්භ කරන්න. - 3 ملاحظة
عربي
الإنجليزية
الأوردية
2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු ලෙස සිටියෙහු ද? යැයි මම අනස් ඉබ්නු මාලික් තුමාගෙන් විමසුවෙමි. එතුමා: එසේය යැයි පිළිතුරු දුන්නේය.
عربي
الإنجليزية
الأوردية
3. අද දිනයෙන් පසු ඔබේ පියාට පීඩාවක් නැත.
عربي
الإنجليزية
الأوردية
4. මා පුද්ගලයකුට සමාව නොදෙන බවට මා මත දිවුරා පැවසිය හැක්කේ කා හටද? සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. ඔබේ ක්රියාවන් නිෂ්ඵල කළෙමි.
عربي
الإنجليزية
الأوردية
5. සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
عربي
الإنجليزية
الأوردية
6. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
7. නබිත්වයෙන් (දිව්ය සම්බන්ධතා අතරින්) ශුභාරංචි දෙනු ලබන දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත.”
عربي
الإنجليزية
الأوردية
8. කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත. - 6 ملاحظة
عربي
الإنجليزية
الأوردية
9. ‘මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...’ - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
10. මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් මගෙන් පහව යෑම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?
عربي
الإنجليزية
الأوردية
11. අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී. මා පරිත්යාග කළ යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් කා හටද? එතුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙත යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
12. දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත
عربي
الإنجليزية
الأوردية
13. (මක්කාහ්) ජයග්රනහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු.
عربي
الإنجليزية
الأوردية
14. ගමනේදී උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටියේය. “එවිට එතුමා ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
عربي
الإنجليزية
الأوردية
15. “ෆිත්ර් (ඊදුල් ෆිත්ර්) හා නහ්ර් (ඊදුල් අල්හා) යන දෙදින උපවාසයේ නිරත වීමෙන් ද සිදුරක් නොමැති තනි අඳුමක් තුළට වී, පසුපස බිමතමා අතින් කෙණ්ඩය වෙළා වාඩි වීමෙන් ද සුබ්හ් හා අසර් සලාතයන්ට පසු සලාත් ඉටු කිරීමෙන් ද අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”
عربي
الإنجليزية
الأوردية
16. රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.” - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
17. ඔවුහු නුඹලාට සලාතය මෙහෙයවති. ඔවුන් නිවරැදිව කළේ නම් නුඹලාට කුසල් ඇත. ඔවුන් වැරදියට කළේ නම් ද නුඹලාට කුසල් ඇත. නමුත් ඔවුනට විපාකය ඇත. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
18. ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
عربي
الإنجليزية
الأوردية
19. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එමෙන්ම එතුමා එයට පිළිකුල් කළේ නම් එය අතහැර දැමූහ. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
20. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ සූර්යග්රහණයක් ඇති විය. එවිට එතුමා සලාතය සඳහා එක්රැස් වෙන්නැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. පසුව ඔවුහු එක්රැස් වූහ. එතුමා ඉදිරියට ගොස් තක්බීර් පවසා රකආත් දෙකක් තුළ රුකූඋ හතරක් හා සුජූද් හතරදක් සහිතව සලාත් ඉටු කළෝය.
عربي
الإنجليزية
الأوردية
21. ජුමුආ දින ෆජ්ර් සලාතයේදී අලිෆ්, ලාම්, මීම් තන්සීල් නම් සජදා පරිච්ඡේදයත් හල් අතා අලල් ඉන්සාන් නම් පරිච්ඡේදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කරන්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
22. නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.
عربي
الإنجليزية
الأوردية
23. ඔබ අතරින් කිසිවකු හෝ එක් පාවහනක් මත ගමන් නොකළ යුතුයි. එමෙන්ම පාද දෙකටම එය පැළඳ ගත යුතුයි. එසේ නැතහොත් පාද දෙකින්ම එය ගැලවිය යුතුයි.
عربي
الإنجليزية
الأوردية
24. යම් පිරිසකගේ කතාවක් ඔවුන් ඔහුට පිළිකුල් කරමින් සිටියදී ඇහුන්කන් දෙන්නට සලස්වන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙකන් තුළට උණු කළ ඊයම් වක් කරනු ලැබේ. - 3 ملاحظة
عربي
الإنجليزية
الأوردية
25. අතිනතට දීමේ සිරිත අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සහගාමීන් අතර පැවතුණේ දැ?යි විමසුවෙමි. එයට, එසේය යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
26. (නිරා වාසීන් වන) ඔවුන් අතර අපා ගින්න ඔහුගේ වළලු කර දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ දණහිස් දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය ද වෙති. ඔවුන් අතර එය ඔහුගේ ඉණ දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ උගුරු දණ්ඩ දක්වා ග්රහණය කරන අය ද වෙති.
عربي
الإنجليزية
الأوردية
27. සෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
28. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප ඉදිරියේ සිටියදී අපි හජ්ජතුල් වදා සම්බන්ධයෙන් කතා කරමින් සිටියෙමු. හජ්ජතුල් වදා යනු කුමක් දැයි අපි නොදැන සිටියෙමු.
عربي
الإنجليزية
الأوردية
29. කිසිදු නබිවරයකු තම සමූහයා වෙත බොරුකාර, එක් ඇසක් ඇත්තා ගැන අවවාද කර සිටියා මිස නැත.
عربي
الإنجليزية
الأوردية
30. කවරෙකු භූමියෙන් වියතක තරම් ප්රමාණයක් ඩැහැගෙන අපරාධ කළේ ද මහපොළෝ හතකින් ඔහුට තලනු ලැබේ.
عربي
الإنجليزية
الأوردية
31. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.
عربي
الإنجليزية
الأوردية
32. තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු කර නොබලයි.
عربي
الإنجليزية
الأوردية
33. පදිංචිකරුවෙක් (තැරැව්කරුවකු ලෙස සිට) පිටස්තරයකුට විකිණීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. එමෙන්ම නුඹලා එකිනෙකාට එරෙහිව මිල ඉහළ නැංවිය නොයුතුය. පුද්ගලයකු තම සහෝදරයාගේ ව්යාපාරයට එරෙහිව ව්යාපාර නොකළ යුතුය. ඔහුගේ විවාහ තීන්දුවට එරෙහිව විවාහ තීන්දුවක් නොකළ යුතුය.
عربي
الإنجليزية
الأوردية
34. කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
عربي
الإنجليزية
الأوردية
35. රිදී වෙනුවට රිදී ද රන් වෙනුවට රන් ද එකිනෙකට සමාන දැයින් මිස ගනුදෙනු කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. රන් වෙනුවට රිදී අප කැමති පරිදි මිලදී ගැනීමත් රිදී වෙනුවට රන් අප කැමති පරිදි මිලදී ගැනීමත් අපට එතුමා අපට නියෝග කළහ.
عربي
الإنجليزية
الأوردية
36. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
37. ඔබ උහුද් කන්ද මෙන් රත්රන් වියදම් කළ ද, ‘කද්ර්’ හෙවත් ඔබ පෙර නියමය විශ්වාස කරන තෙක් හා ඔබට අත් වූ දෑ ඔබට වැරදෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබට වැරදුනු දේ ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබ වටහා ගන්නා තෙක් අල්ලාහ් ඔබෙන් එය පිළිගන්නේ නැත. මේ හැර වෙනත් තත්ත්වයක ඔබ මියයැදුණේ නම් ඔබ නිරා ගින්නේ වැසියන් අතරට පත් වනු ඇත.
عربي
الإنجليزية
الأوردية
38. සැබැවින්ම අල්ලාහ් මැවූ පළමු දේ පන්හිදය. පසුව ඔහු එයට: ලියනු යැයි පැවසීය. මාගේ පරමාධිපතියාණනි! මා ලිවිය යුත්තේ කුමක් දැයි එය විමසීය. අවසන් හෝරාව ක්රියාත්මක වන තෙක් පවතින සෑම දෙයකම නියමයන් ලියනු යැයි ඔහු පැවසීය. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
39. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුවදුක් විමසීම සඳහා රෝගියෙකු වෙත පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
40. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේදනාවෙන් පෙළෙන විට මම එතුමාණන් වෙත පිවිස එතුමාණන්ව අත ගෑවෙමි. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
41. කන්යාවියක් ඇගෙන් අවසර පතන තෙක් විවාහ කර දෙනු නොලැබේ. මෙය අසා සිටි එතුමාණන්ගේ සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇය විසින් අවසරය ලැබිය කෙසේද?” යැයි විමසුහ. එවිට එතුමාණන්: “ඇය නිහඬව සිටීම” (ඇගේ අවසරය) යි" පැවසුහ.
عربي
الإنجليزية
الأوردية
42. ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ.
عربي
الإنجليزية
الأوردية
43. කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.
عربي
الإنجليزية
الأوردية
44. සැබැවින්ම යුදෙව්වෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමණ: “අහෝ මුහම්මද්! සැබැවින්ම අල්ලාහ් අහස් ඇඟිල්ලක් මත ද මහපොළොවවල් ඇඟිල්ලක් මත ද කඳු ඇගිල්ලක් මත ද ගස් ඇඟිල්ලක් මත ද මැවීම් ඇඟිල්ලක් මත ද රදවා තබමින් පසුව මමයි රජු යැයි ඔහු පවසයි” යනුවෙන් පැවසීය. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
45. ඔබ දුෂ්කර අවස්ථාවේදී ද ඔබ සතුටුදායක අවස්ථාවේදී ද එමෙන්ම ඔබ උනන්දුවෙන් සිටින විටදී ද ඔබ පිළිකුලෙන් සිටින විට දී ද ඔබ කෙරෙහි බලපෑම් තිබුණ ද සවන් දීමත් අවනත වීමත් ඔබේ වගකීමකි.
عربي
الإنجليزية
الأوردية
46. අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා සිටියි.
عربي
الإنجليزية
الأوردية
47. තම හිස මිදි ගෙඩි මෙන් වූ ඇබීසීනියානු ගැත්තෙකු විසින් ඔබ පාලනය කරනු ලබන්නේ නම්, ඔබ (ඔහුට) සවන් දෙනු. තවද ඔබ අවනත වනු.
عربي
الإنجليزية
الأوردية
48. කවරෙකු මට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. තවද කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. එමෙන්ම කවරෙකු ප්රධානියාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මට අවනත විය. තවද කවරෙකු ප්රධානියාට පිටු පාන්නේ ද සැබැවින්ම ඔහු මට පිටුපෑවේය.
عربي
الإنجليزية
الأوردية
49. ඔබ අතුරින් ශ්රේෂ්ඨතම පාලකයින් වනුයේ ඔබ ඔවුන් ප්රිය කරන අතර ඔවුන් ද ඔබව ප්රිිය කරති. ඔබ ඔවුන් සමග බැඳී කටයුතු කරන අතර ඔවුන් ද ඔබ සමග බැඳී කටයුතු කරති. ඔබ අතුරින් නපුරු පාලකයින් වනුයේ, ඔබ ඔවුන් කෙරෙහි කෝපවන අතර ඔවුන් ද ඔබ සමග කෝප වෙති. ඔබ ඔවුනට දොස් නගන අතර ඔවුන් ද ඔබට දොස් නගති.
عربي
الإنجليزية
الأوردية
50. (අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්) යුද්ධ කිරීමේ අධිෂ්ඨානයක් නොමැතිව, යුද්ධය සම්බන්ධයෙන් තමන් කතා නොකර කවරෙකු මිය ගියේ ද ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.
عربي
الإنجليزية
الأوردية
51. නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?
عربي
الإنجليزية
الأوردية
52. අරෆා දිනයේ අපා ගින්නෙන් ගැත්තන් අධික ලෙසින් අල්ලාහ් නිදහස් කිරීමට වඩා වෙනත් දිනයක් නැත.
عربي
الإنجليزية
الأوردية
53. අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
54. අල්ලාහ් දෙවිඳාණන්ට වඩා තමන් සවන් දෙන වේදනාවක් මත ඉමහත්සේ ඉවසන කිසිවෙක් හෝ කිසිවක් හෝ නැත. සැබැවින්ම ඔවුන් ඔහුට දරුවකු ඇතැයි අමතති. නමුත් සැබැවින්ම ඔහු ඔවුනට ආරෝග්යමත්භාවය ලබා දෙයි. ඔවුනට පෝෂණය ලබා දෙයි.
عربي
الإنجليزية
الأوردية
55. අල්ලාහ්ගේ දූතයාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? එතුමාණෝ: “හිරු හා සඳු පැහැදිලිව තිබූ විටෙක එය දැකීමෙහි නුඹලා පීඩාවට පත්වන්නෙහු ද?” යැයි විමසූහ.
عربي
الإنجليزية
الأوردية
56. ගෞරවනීය පරමාධිපතියාණන් තම පාදය තබන තෙක්ම නිරය ‘අමතර කිසිවෙක් සිටිත් දැ?’යි පවසමින්ම සිටියි. පසුව එය: ‘ප්රමාණවත් ප්රමාණවත් ඔබේ ගෞරවයේ නාමයෙන්’ යැයි පවසයි. පසුව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු කර, හසු කර ගනියි. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
57. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු” යැයි අල්ලාහ් දෙවිඳාණන් පවසයි. - 2 ملاحظة
عربي
الإنجليزية
الأوردية
58. ඔබට මිය ගිය සතුන් වර්ග දෙකක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයාය. රුධිර වර්ග දෙක නම්, පීකුදු හා පිලාවය. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
59. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
عربي
الإنجليزية
الأوردية
60. සැබැවින්ම ඔබ මුස්ලිම්වරුන්ගේ සැඟවුණු දෑ විපරම් කරමින් පසුපස හඹා ගියෙහි නම්, සැබැවින්ම ඔබ ඔවුනට දුෂ්ඨකම් කර ඇත. එසේ නැතහොත් ඔවුනට දුෂ්ඨකම් කිරීමට ඔබ සමීප වී ඇත.
عربي
الإنجليزية
الأوردية
61. කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية
62. කවරෙකු තම සහෝදරයාව වසරක් වෙන්කර දමන්නේ ද ඔහු ඔහුගේ රුධිරය හැලුවාක් මෙනි.
عربي
الإنجليزية
الأوردية
63. මුහුණට පහර දීමත් මුහුණට පච්ච කෙටීමත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ.
عربي
الإنجليزية
الأوردية
64. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු.
عربي
الإنجليزية
الأوردية
65. නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.
عربي
الإنجليزية
الأوردية
66. සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩයක් වේ. - 2 ملاحظة
عربي
الإنجليزية
الأوردية
67. කවරෙකු මම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙක්මි යැයි පවසා (යමක් සම්බන්ධයෙන්) දිවුරා සිටියේ ද, ඔහු බොරු කාරයෙක් නම් ඔහු කියූ පරිදිම එය වනු ඇත. ඔහු සත්යවාදියෙකු නම් ඔහු ඉස්ලාමය වෙත සුරක්ෂිතව නැවත යොමු වන්නේ නැත.
عربي
الإنجليزية
الأوردية
68. ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
69. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ආෂූරා දිනයේ උපවාසයේ නිරත වූහ. - 1 ملاحظة
عربي
الإنجليزية
الأوردية