ප්‍රවර්ගය: . . .
+ -
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«الرَّضَاعَةُ تُحَرِّمُ مَا تُحَرِّمُ الوِلَادَةُ».
[صحيح] - [متفق عليه] - [الأربعون النووية: 44]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “දරු ප්රසූතිය තහනම් කරන දෑ කිරි දී හදාවඩා ගැනීම ද තහනම් කරනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

සම්බන්ධකම් හේතුවෙන් මව සහෝදරිය වැනි විවාහයට තහනම් කරන ලද කාන්තාවන් මෙන්ම කිරි දී වැඩීම හේතුවෙන් කිරි මව හා කිරි දීමෙන් වූ සහෝදරිය වැනි කාන්තාවන් ද තහනම් වන්නේය. එය තවත් හදීසයක මෙසේ සඳහන් වී ඇති බැවිණි. “සම්බන්ධකම් හේතුවෙන් තහනම් වන දෑ කිරි දී වැඩීම හේතුවෙන් ද තහනම් වන්නේය” එය බිරියගේ පැත්තෙන් වුව ද සැමියාගේ පැත්තෙන් වුව ද එක සමානය. මිනිසාට සම්බන්ධකම් හේතුවෙන් තම සහෝදරිය තම නැන්දනිය හා තම පුංචි අම්මා හෝ ලොකු අම්මා යනාදී ලෙසින් විවාහ වීමට තහනම් වන සෑම කාන්තාවක්ම කිරි දීම හේතුවෙන් ද එසේ සමීපකම් ඇති වූ විටෙක ඔවුන් විවාහ කර ගැනීම ද ඔහුට තහනම්ය. එමෙන්ම බිරිය වනාහි, ඇයට තම දරුවා තම සහෝදරයා තම මාමා හා තම මහප්පා හෝ බාප්පා යන අය විවාහ වීම තහනම් වන්නේය. එමෙන්ම කිරි දීම හේතුවෙන් ඔවුනට එසේ සම්බන්ධකම් ඇති වූ විටෙක ඔවුන්ව විවාහ කිරීමද ඇයට තහනම් වන්නේය. තහනම් කිරීමේ ස්වභාවය වනුයේ විවාහ වීමය. කිරි බොන්නා හා කිරි දුන් මවගේ දරුවන් අතර වන ශුද්ධභාවය පතුරුවා හැරීම, එකිනෙකා බැලීම, තනිවීම ගමන් බිමන් යෑමේ අනුමැතිය තුළට ඔවුන් සමීප ඥාතීන්ගේ ස්ථාවරයට ගෙන ඒම යනාදියෙහි හැර දේපළ උරුමය, වියදම් කිරීමේ අනිවාර්යභාවය වැනි සෙසු නීතිමය කටයුතු වලදී වගකීමක් නොවනු ඇත. පසුව ඉහත හඳහන් කළ පරිදි කිරි දුන් අය බැලීමේ තහනම වනාහි, සැබැවින්ම ඔහුගේ ඥාතීන් කිරි දුන් අයගේ ඥාතීන් වෙති. නමුත් කිරි බිව් අයගේ දරුවන් හැර සෙසු ඥාතීන් වනාහි ඔවුන් අතර හා කිරිදුන් අය අතර සම්බන්දකම් පැවැත්වීම නුසුදුසුය. මේ කිසිදු නීතියක් ඔවුනට ස්ථාපිත වන්නේ නැත.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الغوجاراتية Kyrgyz النيبالية الدرية الصربية الطاجيكية Kinyarwanda المجرية التشيكية الموري Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .