عن أبي الخطاب قتادة، قال:

قُلْتُ لأَنَسٍ رضي الله عنه: أكَانَتِ المصَافَحَةُ في أصْحَابِ رسولِ الله صلى الله عليه وسلم؟، قَالَ: نَعَم.
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අබුල් කත්තාබ් කතාදා තුමා විසින් වාර්තා කරන ලදී. මම අනස් තුමාගෙන් “අතිනතට දීම අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීන් අතර පැවතුණේ දැ?යි විමසුවෙමි. එයට, එසේය යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

“අතිනතට දීම අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීන් අතර පැවතුණේද?“ යන ප්රකාශ වනාහි ඔවුන් මුණගැසුණු අවස්ථාවේ ගරු කිරීමක් වශයෙන් හා ආදරය දැක්වීමක් වශයෙන් සලාම් පැවසීමෙන් පසුව ඔවුන් අතර ස්ථීර ලෙස අතිනත දීමේ පුරුද්ද පැවතුණේද යන්නයි. අතිනත දීම දකුණතින් විය යුතුය. එසේ සිදු කරන විට සැබැවින්ම ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාට සමාව පිරිනමනු ඇත. මෙය, දෙදෙනා මුණ ගැසුණු විට අතිනත දීමේ මහිමය පෙන්වා දෙන්නකි. මෙය මුණ ගැසී කතා කරන විට හෝ එයට සමාන අවස්ථාවකදීය. වෙළඳපළෙහි මුණ ගැසුණු විට මෙය සහාබාවරුන්ගේ මඟ පෙන්වීමක් නොවීය. එනම් වෙළඳපොළේ ජනයා අතර ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පැවසීම පමණක් ප්රමාණවත් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර