«مَا يَجِدُ الشَّهِيدُ مِنْ مَسِّ القَتْلِ إِلاَّ كَمَا يَجِدُ أَحَدُكُمْ مِنْ مَسِّ القَرْصَةِ».
[حسن] - [رواه الترمذي وابن ماجه والنسائي والدارمي وأحمد] - [سنن الترمذي: 1668]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත.”
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත]
හදීසයේ තේරුම: නියත වශයෙන්ම මිනිසා අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන විට සැබැවින්ම ඔහුට අත්වන මරණය, තවත් වාර්තාවක් අනුව ‘මරණයේ වේදනාව අප අතරින් කෙනෙකුට කුහුඹුවකු සපා කෑමෙන් දැනෙන අයුරින් මිස නොපවතී. දාරිමීගේ වාර්තාවේ ‘සපාකෑමේ වේදනාව මෙන් මිස නොපවතී.’ එහි අර්තය: සැබැවින්ම දිවි පුදන්නා මරණයේ හෝ මරණ වේදනාවේ දරුණුකමක් සෙසු මිනිසුන්ගේ තත්ත්වය මෙන් විඳින්නේ නැත. නමුත් ඔහු මරණයට පත් වන අවස්ථාවේ ඔහු ලබන ඔහු විදින උපරිම වේදනාව වනුයේ කුහුඹුවකු හපා කෑමෙන් අප අත් විදින වේදනාවය. එසේ අත් වන වේදනාව ඉක්මනින්ම පහව යයි. එය දැනෙන්නේවත් නැත. මෙය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් හට අල්ලාහ් පිරිනමන භාග්යයයි. ඒ අනුව ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය පුදන කල්හි අල්ලාහ් මරණයේ වේදනාව ඔහුට සැහැල්ලු කරනු ඇත.
عِناية الله بالشهيد حيث يُخَفف عنه آلامه فتزول سريعا، ولا يعقبها علة ولا سَقَم.- بيان قدر الشهيد وعظم منزلته في الإسلام.
عِناية الله بالشهيد حيث يُخَفف عنه آلامه فتزول سريعا، ولا يعقبها علة ولا سَقَم.- الحث على الجهاد في سبيل الله تعالى.