ප්‍රවර්ගය: . . .
عَنِ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ:

«لَمْ يَبْقَ مِنَ النُّبُوَّةِ إِلَّا المُبَشِّرَاتُ» قَالُوا: وَمَا المُبَشِّرَاتُ؟ قَالَ: «الرُّؤْيَا الصَّالِحَةُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6990]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නබිත්වයෙන් (දිව්ය සම්බන්ධතා අතරින්) ශුභාරංචි දෙනු ලබන දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත.” ඔවුහු: ශුභාරංචි දෙනු ලබන දෑ කුමක්ද? යැයි විමසුවෝය. එතුමා: ‘දැහැමි සිහිනය වේ’ යැයි පිළිතුරු දුන්හ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

විවරණය

සැබැවින්ම දැහැමි සිහිනය වනාහි එය ශුභාරංචි දෙනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්හ. එය දිව්ය පණිවිඩ නතර වූ පසු ඉතිරිව ඇති දිව්ය පණිවිඩ වල බලපෑමයි. දැහැමි සිහිනය මිස එයින් දැන ගත හැකි වෙනත් කිසිවක් ඉතිරි වී නැත.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (18)
ප්‍රවර්ග
  • . .
අමතර