كَانَ عَلَى ثَقَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ يُقَالُ لَهُ كِرْكِرَةُ، فَمَاتَ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «هُوَ فِي النَّارِ»، فَذَهَبُوا يَنْظُرُونَ إِلَيْهِ، فَوَجَدُوا عَبَاءَةً قَدْ غَلَّهَا.
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3074]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. කිර්කිරා යන නමින් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ උසුලන මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: “ඔහු අපා ගින්නෙහිය.” යැයි පැවසූහ. එවිට ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ සම්බන්ධයෙන් භාරව කටයුතු කළ කිර්කිරා යන නමින් මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ පාපය සඳහා ඔහු අපා ගින්නේ දඬුවම් ලබනු ඇත. යැයි හෝ අල්ලාහ් ඔහුට සමාව නොදුන්නේ නම් අපා ගින්නේ සිටිනු ඇත යැයි හෝ දන්වා සිටියේය. සහාබාවරු ඒ සඳහා හේතූන් සොයා ගිය විට යුද්ධයෙන් අත්පත් කරගත් භාණ්ඩ අතරින් ඔහු සොරකම් කළ සළුවක් ඔවුනට ලැබුණෝය.