ප්‍රවර්ගය: . . .
+ -
عَن أَبِي مَسْلَمَةَ سَعِيدُ بْنُ يَزِيدَ الأَزْدِيُّ رضي الله عنه قَالَ:

سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ رضي الله عنه: أَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِي نَعْلَيْهِ؟ قَالَ: نَعَمْ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 386]
المزيــد ...

මස්ලමා සඊද් ඉබ්නු යසීද් විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු ලෙස සිටියෙහු ද? යැයි මම අනස් ඉබ්නු මාලික් තුමාගෙන් විමසුවෙමි. එතුමා: ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

විවරණය

ආගම් ලත් ජනයාට වෙනස්ව කටයුතු කිරීම හා මුස්ලිම්වරයකු මත දුෂ්කරතාවක් හෝ ගැටළුවක් හෝ පවතින්නේ නම් ඒ සෑම දෙයක්ම ඉවත් කිරීම ෂරීආ නීතියේ අපේක්ෂාවකි. විශ්වසනීය තාබිඊන්වරයකු වූ සඊද් ඉබ්නු යසීද් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ‘එතුමාණන් පාවහන් යුගල පැළඳ සලාත් ඉටු කරන්නෙකු වූයේ දැයි විමසා සිටියේය. එය එතුමා සතු ආදර්ශයක් තමන් ලබා ගැනීම හෝ බොහෝ දුරට එහි පවතින කිලිටි හා අපිරිසිදු දැයින් දුරස්වන්නට බලන්නාක් මෙන් විය. එවිට ‘ඔව්’ එතුමා පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු වූහැයි අනස් තුමා ඔහුට පිළිතුරු දුන්හ. සැබැවින්ම එය එතුමාගේ පිරිසිදු චරිතයයි. එය යම් භූමියකට පමණක් හෝ නියමිත කාලයකට පමණක් හෝ විශේෂිත කළ දෙයක් නොවන්නේය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර