ප්‍රවර්ගය: . . .
+ -
عَنْ جُنْدَبٍ رضي الله عنه:

أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَ أَنَّ رَجُلًا قَالَ: وَاللهِ لَا يَغْفِرُ اللهُ لِفُلَانٍ، وَإِنَّ اللهَ تَعَالَى قَالَ: مَنْ ذَا الَّذِي يَتَأَلَّى عَلَيَّ أَنْ لَا أَغْفِرَ لِفُلَانٍ، فَإِنِّي قَدْ غَفَرْتُ لِفُلَانٍ، وَأَحْبَطْتُ عَمَلَكَ، أَوْ كَمَا قَالَ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2621]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු ‘අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් පුද්ගලයකුට සමාව දෙන්නේ නැත’ යැයි පැවසීය. එවිට අල්ලාහ්: “මා පුද්ගලයකුට සමාව නොදෙන බවට මා මත දිවුරා පැවසිය හැක්කේ කා හටද? සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. ඔබේ ක්රියාවන් නිෂ්ඵල කළෙමි.” යැයි පැවසීය. අබූ හුරෙයිරා වාර්තා කළ හදීසයක: ‘සැබැවින්ම එසේ පවසා සිටියේ ගැතිබර පුද්ගලයකි.’ අබූ හුරයිරා තුමා තවදුරටත්: “කළ කතාව ඔහුගේ මෙලොව හා මතුලොව විනාශ කර දැමීය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

දිවෙන් ඇතිවන අනතුරුවලින් ප්රවේසම් වන පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත. ‘පාපතර පුද්ගලයකුට නියතවශයෙන්ම අල්ලාහ් සමාව නොදෙන බවට දිවුරා සිටි පුද්ගලයකු වනාහි, ඔහු අල්ලාහ්ට එරෙහිව තීන්දු කළ හා ඔහුව හෙළා දුටු අයකු මෙනි. ඊට හේතුව ඔහුගේ සිත තුළ අල්ලාහ් ඉදිරියේ පවතින ගෞරවය භාග්යය හා තත්ත්වය ගැන විශ්වාස කර සිටි බැවින් හා පාපකම් සිදු කරන්නා අවමානයට පත් කළ බැවිණි. මෙය අල්ලාහ් පහත් කිරීමක් හා ඔහු සමග අවිනීතව හැසිරීමකි. ඒ හේතුවෙන් එම පුද්ගලයාට මෙලොව මෙන්ම මතුලොවෙහි ද අභාග්යය අලාභය නියම වනු ඇත.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර