«إِنَّكَ إِنِ اتَّبَعْتَ عَوْرَاتِ النَّاسِ أَفْسَدْتَهُمْ، أَوْ كِدْتَ أَنْ تُفْسِدَهُمْ» فَقَالَ أَبُو الدَّرْدَاءِ رضي الله عنه: كَلِمَةٌ سَمِعَهَا مُعَاوِيَةُ مِنْ رَسُولِ اللَّهِ نَفَعَهُ اللَّهُ تَعَالَى بِهَا.
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 4888]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව මුආවියා -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ඔබ මුස්ලිම්වරුන්ගේ සැඟවුණු දෑ විපරම් කරමින් පසුපස හඹා ගියෙහි නම්, සැබැවින්ම ඔබ ඔවුනට දුෂ්ඨකම් කර ඇත. එසේ නැතහොත් ඔවුනට දුෂ්ඨකම් කිරීමට ඔබ සමීප වී ඇත.“
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]
නියත වශයෙන්ම ඔබ මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් අනවශ්යය ලෙස විපරම් කරමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා සැඟවුණු ඔවුන්ගේ වැරදි ගවේෂණ කොට ඒවා ප්රසිද්ධියට පත් කරමින් ඔවුන්ගේ රහස් අනාවරණය කරන්නේ නම් ඔවුන්ගේ ලැජ්ජා බිය අඩු වී යනු ඇත. ඔවුන් ගැන අල්ලාහ් හැර වෙන කිසිවකු නොදන්නා ඔවුන් එසේ සඟවා සිටි පාපයන් ප්රසිද්ධියට පත් කිරීමෙන් ඒ හා සමාන වැරදි කිරීමට ඔවුහු එඩිතර වනු ඇත.