ප්‍රවර්ගය: . .
عَنْ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ رضي الله عنه:

دَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُوعَكُ وَعْكًا شَدِيدًا، فَمَسِسْتُهُ بِيَدِي، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ، إِنَّكَ لَتُوعَكُ وَعْكًا شَدِيدًا؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَجَلْ، إِنِّي أُوعَكُ كَمَا يُوعَكُ رَجُلاَنِ مِنْكُمْ» فَقُلْتُ: ذَلِكَ أَنَّ لَكَ أَجْرَيْنِ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَجَلْ» ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يُصِيبُهُ أَذًى، مَرَضٌ فَمَا سِوَاهُ، إِلَّا حَطَّ اللَّهُ لَهُ سَيِّئَاتِهِ، كَمَا تَحُطُّ الشَّجَرَةُ وَرَقَهَا».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5660]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේදනාවෙන් පෙළෙමින් සිටියදී මම එතුමාණන් වෙත පිවිස එතුමාණන්ව අත ගෑවෙමි. පසුව මම: ඔබ තුමා දරුණු වේදනාවකින් පීඩා විඳින්නෙහිය යැයි පැවසුවෙමි. එවිට එතුමා “එසේය, ඔබ අතරින් මිනිසුන් දෙදෙනෙකු පීඩා විඳින්නාක් මෙන් මම වේදනා විඳිමි” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි රෝගී භාවයෙන් වේදනා විදිමින් සිටියදී එතුමා වෙත තමන් ගිය බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් සිහිපත් කරයි. හෙතෙම තම අතින් පිරිමැද එතුමාණන්ට මෙසේ පැවසීය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඔබ දැඩි රෝගාභාදයෙන් පෙළෙන්නෙහිය යැයි පැවසීය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අප අතරින් මිනිසුන් දෙදෙනෙකු විඳින වේදනාව මෙන් දැඩි වේදනාවක් රෝගීභාවයෙන් තමන් පීඩා විඳින බව දන්වා සිටියහ. එය ඉවසීමේ ඉහළ මට්ටම එතුමාණන් ලබා ඇති බැවිනි.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (16)
ප්‍රවර්ග
  • .