ප්‍රවර්ගය:
+ -
عَنْ طَارِقِ بْنِ شِهَابٍ رضي الله عنه:

أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ وَضَعَ رِجْلَهُ فِي الْغَرْزِ: أَيُّ الْجِهَادِ أَفْضَلُ؟ قَالَ: «كَلِمَةُ حَقٍّ عِنْدَ سُلْطَانٍ جَائِرٍ».
[صحيح] - [رواه النسائي وأحمد] - [سنن النسائي: 4209]
المزيــد ...

තාරික් ඉබ්නු ෂිහාබ් අල් බජ්ලී අල් අහ්මසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනක් යෑමට සූදානම්ව සිටියදී මිනිසෙකු එතුමාගෙන් ‘කුසලින් වඩාත් අධික, පරිශ්රමය කුමක්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් කරුණ දන්වා සිටියේය. එය අපරාධකාරී පාලකයකුහට යහපත නියෝග කිරීම හෝ අයහපතින් ඔහුව වැළැක්වීමය. ජිහාදය යනු දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කිරීම මත පමණක් සීමාවූවක් නොවන්නේය. එයට තරාතිරම් ඇත. සඳහන් කරනු ලැබ ඇත්තේ ඒ සියල්ල අතරින් වඩාත් කුසල් ලැබෙන ජිහාදයයි. ඊට හේතුව පාලකයාගේ නපුරුකම් හේතුවෙන් ඝාතනය කරනු ලබන්නට හෝ සිරගත වන්නට හෝ ඉඩ ඇති බැවින් හා ඒ සඳහා ආමන්ත්රණය කරන අයද ස්වල්පයක් වීමය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර