ප්‍රවර්ගය: . . .
+ -
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«لاَ تَزَالُ جَهَنَّمُ تَقُولُ: هَلْ مِنْ مَزِيدٍ، حَتَّى يَضَعَ رَبُّ العِزَّةِ فِيهَا قَدَمَهُ، فَتَقُولُ: قَطْ قَطْ وَعِزَّتِكَ، وَيُزْوَى بَعْضُهَا إِلَى بَعْضٍ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6661]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ගෞරවනීය පරමාධිපතියාණන් තම පාදය එහි තබන තෙක්ම නිරය ‘අමතර කිසිවෙක් සිටිත් දැ?’යි පවසමින්ම සිටියි. පසුව එය: ‘ප්රමාණවත් ප්රමාණවත් ඔබේ ගෞරවයේ නාමයෙන්’ යැයි පවසයි. පසුව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු කර, හසු කර ගනියි.”

الملاحظة
نعم
النص المقترح هوسا

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අපා ගින්නට: “ඔබ පිරුණෙහි ද? යැයි විමසන බව දන්වා සිටියි. එය සැබැවින්ම මිනිසුන්ගෙන් හා ජින්නුන්ගෙන් පුරවා දමන බවට ඔහු එයට ප්රතිඥා දුන් බැවිණි. ඒ වෙත හෙළනු ලබන්නට නියම කළවුන්ට සුවිශුද්ධයාණන් නියෝග කරයි. එවිට එය: අමතරව කිසිවකු සිටිත් ද යැයි විමසයි. එනම් මා වෙත අමතරව රැස් කිරීම සඳහා කිසිවක් ඉතිරිව තිබේද යන්නයි. ගෞරවයේ පරමාධිපතියාණන් ඔහුගේ පාදය එහි මත තබන තෙක්ම එසේ විමසා සිටියි. එවිට එය: මෙය මට ප්රමාණවත්ය. පසුව එය ඔවුන් හසුකර ගෙන, එහි ඇතැමෙක් ඇතැමෙකු සමග එක්රැස් කරයි. අල්ලාහ් අපා ගින්නේ ඔවුන් වෙත ඉදිරිපත් කරන ‘පාදය’ යන ගුණාංගය පිළිබඳ විස්තර කිරීම සුදුසු නැත. වෙනත් අසත්යය පැහැදිලි කිරීම් ද අවශ්ය වන්නේ නැත. අල්ලාහ් සතු ගුණාංගයක් වන ‘පාදය’ යන්න කිසිදු විකෘති කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව තහවුරු කිරීම අනිවාර්යය වන්නේය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර