عن أبي مسعود الأنصاري رضي الله عنه قال:
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنِّي أُبْدِعَ بِي فَاحْمِلْنِي، فَقَالَ: «مَا عِنْدِي»، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَدُلُّهُ عَلَى مَنْ يَحْمِلُهُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1893]
المزيــد ...
අබූ මස්ඌද් අල්අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "සැබැවින්ම නැග යන්නට සතෙකු නොමැතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මා නංවාගෙන යන සතෙකු සූදානම් කර දෙන්නැ"යි පවසා සිටියේය. එවිට එතුමාණෝ "මා සතුව එවැන්නක් නැත" යැයි පැවසූහ. එවිට මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන අයකු මම පෙන්වා දෙන්නම්" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 1893]
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ "මා ප්‍රවාහනය කරන සත්වයා මිය ගොස් ඇත. මා නංවා ගෙන යන්න. (අදාළ ස්ථානය වෙත) මා ළඟා කරන අයුරින් නැග යන්නට වාහනයක් ලබා දෙන්නැ"යි ඉල්ලා සිටියේය. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ ඔහුව නංවාගෙන යන යමක් තමන් සතුව නැතැයි පවසා නිදහසට හේතු දක්වා සිටියහ. එවිට ඒ අසළ සිටි මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන කෙනෙකු මම ඔහුට පෙන්වා දෙන්නම්." යැයි කීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "සැබැවින්ම දානය ලබා දෙන්නාට සතු කුසලින් ඔහු ද කොටස් කරුවකු බව පෙන්වා දුන්හ. හේතුව අවශ්‍යතාවෙන් පෙළෙන්නාට ඔහු මඟ පෙන්වා ඇති බැවිනි.