عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الْعِبَادَةُ فِي الْهَرْجِ كَهِجْرَةٍ إِلَيَّ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2948]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මඃකල් ඉබ්නු යසාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අර්බුදකාරී තත්ත්වය තුළ නැමදුම් කිරීමට යොමු වීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි"
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2948]
අර්බුදකාරී, දුෂ්කර, මිනිස් ඝාතන සිදුවන, මිනිසුන්ගේ කටයුතු අවුල්සහගත වී ගිය තත්ත්වය තුළ නැමදුම් වෙත යොමු වීමට එය පිළිපැදීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. සැබැවින්ම එහි ප්‍රතිඵලය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හිජ්රත් හෙවත් නික්ම ගියා වැනිය. ඊට හේතුව මිනිසුන් ඒ ගැන නොසළකා හරිමින් හා වෙනත් කටයුතුවල කාර්යබහුල සිටින බැවින් හා ඒ සඳහා කැප වනුයේ ඇතැම් පුද්ගලයින් පමණක් වන බැවිනි.