+ -

عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الْعِبَادَةُ فِي الْهَرْجِ كَهِجْرَةٍ إِلَيَّ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2948]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මඃකල් ඉබ්නු යසාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අර්බුදකාරී තත්ත්වය තුළ නැමදුම් කිරීමට යොමු වීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි"

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2948]

විවරණය

අර්බුදකාරී, දුෂ්කර, මිනිස් ඝාතන සිදුවන, මිනිසුන්ගේ කටයුතු අවුල්සහගත වී ගිය තත්ත්වය තුළ නැමදුම් වෙත යොමු වීමට එය පිළිපැදීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. සැබැවින්ම එහි ප්‍රතිඵලය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හිජ්රත් හෙවත් නික්ම ගියා වැනිය. ඊට හේතුව මිනිසුන් ඒ ගැන නොසළකා හරිමින් හා වෙනත් කටයුතුවල කාර්යබහුල සිටින බැවින් හා ඒ සඳහා කැප වනුයේ ඇතැම් පුද්ගලයින් පමණක් වන බැවිනි.

හදීසයේ හරය

  1. අර්බුදකාරී දිනවල අර්බුදයෙන් මිදීමට හා දුෂ්ඨකම්වලින් ආරක්ෂාවීමට නැමදුම්වල නිරත වී ඒවා අල්ලාහ්ට පිළිගැන්වීමට උනන්දු කරවීම.
  2. අර්බුදකාරී තත්ත්වයෙහි හා (නැමදුම් පිළිබඳ) නොසැලකිල්ලෙන් පසුවන වේලාවන්හි නැමදුම් කිරීමේ මහිමය පැහැදිලි කිරීම.
  3. අර්බුද හා නොසැලකිලිමත් ස්ථාවලින් මුස්ලිම්වරයා වැළකී දුරස් ව සිටිය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الموري Malagasy Kannada الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර