1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”

‌عَنْ ‌أَبِي ‌ذَرٍّ، ‌جُنْدُبِ ‌بْنِ ‌جُنَادَةَ، ‌وَأَبِي ‌عَبْدِ ‌الرَّحْمَنِ، ‌مُعَاذِ بْنِ جَبَلٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْت، وَأَتْبِعْ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقْ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර් ජුන්දුබ් ඉබ්නු ජුනාදා සහ අබූ අබ්දිර් රහ්මාන්, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී.
"ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”

قال الترمذي: حديث حسن رواه الترمذي الأربعون النووية - 18

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණු තුනක් පිළිබඳව නියෝග කර සිටියේය. පළමුවැන්න: අල්ලාහ් පිළිබඳ භක්තිමත්භාවය, එය වගකීම් ඉටු කිරීම තුළින් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීම තුළින් සිදු වේ. සෑම ස්ථානයකම සෑම කාලයකම සෑම තත්ත්වයකම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ වුව ද නිරෝගී තත්ත්වයක හෝ රෝගී තත්ත්වයක වුව ද මේ හැර වෙනත් සෑම තත්ත්වයකම භක්තිමත්භාවය පිහිටිය යුතුය. දෙවැන්න: ඔබ යම් වැරදි මඟක (පාපයක) වැටුණු විටෙක. ඉන් පසු සලාතය, සදකා නම් දානය, ඥාතී සම්බන්ධකම් රැකීම, පාපක්ෂමාව හෝ වෙනත් යම් යහපත් කටයුත්තක් සිදු කළ යුතු ය. එය එම පාපය මකා දමනු ඇත. තුන්වැන්න: යහපත් ගුණධර්ම පිළිපදිමින් මිනිසුන් සමග කටයුතු කිරීම. එනම් ඔවුන් සමග සිනහමුසුවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කිරීම, හානිය වැළැක්වීම යනාදියයි.

හදීසයේ හරය

  1. සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන අනුග්‍රහය ඇත්තේ ඔහුගේ දයාව, සමාව දීම සහ වරද නොසළකා හැරීම තුළ ය.
  2. මෙම හදීසය තුළ වගකීම් තුනක් ඇතුළත් වී ඇත: අල්ලාහ් මත තබන බියභක්තිමත් භාවයේ වගකීම, පාපකම්වලින් පසු යහකම් සිදු කිරීමේ ආත්ම වගකීම සහ යහපත් ගුණධර්ම සමග මිනිසුන් සමග කටයුතු කිරීමේ වගකීමය.
  3. පාපකම් කිරීමෙන් පසු යහකම් කිරීමට උනන්දු කරවීම. යහපත් ගුණධර්ම - තක්වා හෙවත් භක්තිමත්භාවයේ එක් අංගයකි. මෙසේ සඳහන් කර ඇත්තේ ඒවා වෙන වෙනම පැහැදිලි කළ යුතු බැවිනි.

අර්ථ කථන නිරීක්ෂණය

49 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
SQ Shqip الألبانية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
KMR Kurmancî الكرمنجية