بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجَةٍ، فَأَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ، فَتَمَرَّغْتُ فِي الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ: «إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ بِيَدَيْكَ هَكَذَا» ثُمَّ ضَرَبَ بِيَدَيْهِ الْأَرْضَ ضَرْبَةً وَاحِدَةً، ثُمَّ مَسَحَ الشِّمَالَ عَلَى الْيَمِينِ، وَظَاهِرَ كَفَّيْهِ وَوَجْهَهُ. المزيد
අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී.
“යම් අවශ්යතාවක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මා එව්වේය. එවිට මා ජුනුබ් තත්ත්වයට පත්ව සිටියෙමි. නමුත් මට ජලය ලැබුණේ නැත. පසුව මම සතුන් පෙරළෙන්නාක් මෙන් පිරිසිදු දූවිලි පසෙහි පෙරළුණෙමි. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එතුමාට ඒ ගැන සඳහන් කළෙමි. එවිට එතුමා ‘ඔබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්‍රමාණවත් වන්නේය’ යැයි පවසා පසුව තමන්ගේ අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද්දාහ.