عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ ثُمَّ لِيَنْثُرْ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي وَضُوئِهِ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ». ولفظ مسلم: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا، فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ප්රකාශ කළ බව අබූ හුරෙයිර -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ අතරින් කිසිවකු වුළු ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම අවශ්යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිත කරත්වා! ඔබ අතරින් කිසිවකු තම නින්දෙන් අවදි වූ විට තම දෙඅත් භාජනයට දැමීමට පෙර සෝදා ගනිත්වා! හේතුව සැබැවින්ම රාත්රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ අතරින් කිසිවෙකු නොදන්නා බැවිනි.” තවත් ප්රකාශයක: “කුඩා ඇඟිල්ලෙන් ජලය ගෙන නාසය පිරිසිදු කරත්වා!“ යැයි සඳහන් වී ඇත. තවත් ප්රකාශයක “කවරෙකු වුළු ධෝවනය කරන්නේ ද ඔහු නාසය පිරිසිදු කර ගනිත්වා !“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය වාක්යය තුනකින් සමන්විතය. සෑම වාක්යයක්ම විශේෂ නීතියක් සමග පිහිටා ඇත. 1. සැබැවින්ම වුළු ගන්නෙකු වුළු ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය පිරිසිදු කළ යුතුය. මෙය ‘අල් ඉස්තින්ෂාක්‘, අල් ඉස්තින්සාර්‘ යනුවෙන් හඳුන්වනු ලැබේ. හේතුව නහය යනු, වුළු ගැනීමේදී අනිවාර්යයෙන්ම සේදිය යුතු මුහුණෙහි කොටසක් වන බැවිනි. එය ආගමානුගත කිරීම සම්බන්ධයෙන් පූර්ව සාධක සහිත බොහෝ හදීස් එයට එකතු කර ඇත. හේතුව එය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ආගම ඉල්ලා සිටින කරුණු අතරින් එකක් වන බැවිනි 2. කිසිවකු හෝ තම ශාරීරික අවශ්යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා ගල් භාවිත කරන්නට සිතන්නේද එය ඔත්තේ සංඛ්යාවකින් විය යුතුය යන්නයි. එහි අවමය ගල්කැට තුනකි. එහි උපරිමය නජීස් බැහැර වූ ස්ථානයෙන් නජීස් ඉවත් කරන තෙක්ය. එය ඔත්තේ සංඛ්යාවකින් විය යුතුයි. එය ඉරට්ටේ සංඛ්යාවකින් වී නම් තවකක් වැඩි කොට ඉරට්ටේ සංඛ්යාව ඔත්තේ සංඛ්යාවක් බවට පත් කර ගත යුතුයි. 3. රාත්රී නින්දෙන් අවදිවන්නා තම දෙඅත් භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි එසේ නැතිනම් තෙත් කරගත යුතුය. එය තුන්වරක් දක්වා විය යුතුය. හේතුව රාත්රී නින්ද වනාහි දිගු කාලයකි. එහිදී තම අත තම ශරීරය පුරා ගමන් කරනු ඇත. ඇතැම් විට තමන් නොදැනුවත්වම අපිරිසිදු දෑ එහි තැවරෙන්නට ඉඩ ඇත. එහෙයින් පිරිසිදුකම සඳහා එය සේදීම ඔහුට ආගමානුගත කොට ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

اسْتَجْمَرَ:
استعمل الجمار-وهي الحجارة-، أزال الخبث من المخرج بالحجارة أو نحوها.
අමතර