عَنْ أَبي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَا مِنْ صَاحِبِ ذَهَبٍ وَلَا فِضَّةٍ، لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ، صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَارٍ، فَأُحْمِيَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ، فَيُكْوَى بِهَا جَنْبُهُ وَجَبِينُهُ وَظَهْرُهُ، كُلَّمَا بَرَدَتْ أُعِيدَتْ لَهُ، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ، إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْإِبِلُ؟ قَالَ: «وَلَا صَاحِبُ إِبِلٍ لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، وَمِنْ حَقِّهَا حَلَبُهَا يَوْمَ وِرْدِهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ، بُطِحَ لَهَا بِقَاعٍ قَرْقَرٍ، أَوْفَرَ مَا كَانَتْ، لَا يَفْقِدُ مِنْهَا فَصِيلًا وَاحِدًا، تَطَؤُهُ بِأَخْفَافِهَا وَتَعَضُّهُ بِأَفْوَاهِهَا، كُلَّمَا مَرَّ عَلَيْهِ أُولَاهَا رُدَّ عَلَيْهِ أُخْرَاهَا، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْبَقَرُ وَالْغَنَمُ؟ قَالَ: «وَلَا صَاحِبُ بَقَرٍ، وَلَا غَنَمٍ، لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ بُطِحَ لَهَا بِقَاعٍ قَرْقَرٍ، لَا يَفْقِدُ مِنْهَا شَيْئًا، لَيْسَ فِيهَا عَقْصَاءُ، وَلَا جَلْحَاءُ، وَلَا عَضْبَاءُ تَنْطَحُهُ بِقُرُونِهَا وَتَطَؤُهُ بِأَظْلَافِهَا، كُلَّمَا مَرَّ عَلَيْهِ أُولَاهَا رُدَّ عَلَيْهِ أُخْرَاهَا، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْخَيْلُ؟ قَالَ: " الْخَيْلُ ثَلَاثَةٌ: هِيَ لِرَجُلٍ وِزْرٌ، وَهِيَ لِرَجُلٍ سِتْرٌ، وَهِيَ لِرَجُلٍ أَجْرٌ، فَأَمَّا الَّتِي هِيَ لَهُ وِزْرٌ، فَرَجُلٌ رَبَطَهَا رِيَاءً وَفَخْرًا وَنِوَاءً عَلَى أَهْلِ الْإِسْلَامِ، فَهِيَ لَهُ وِزْرٌ، وَأَمَّا الَّتِي هِيَ لَهُ سِتْرٌ، فَرَجُلٌ رَبَطَهَا فِي سَبِيلِ اللهِ، ثُمَّ لَمْ يَنْسَ حَقَّ اللهِ فِي ظُهُورِهَا وَلَا رِقَابِهَا، فَهِيَ لَهُ سِتْرٌ وَأَمَّا الَّتِي هِيَ لَهُ أَجْرٌ، فَرَجُلٌ رَبَطَهَا فِي سَبِيلِ اللهِ لِأَهْلِ الْإِسْلَامِ، فِي مَرْجٍ وَرَوْضَةٍ، فَمَا أَكَلَتْ مِنْ ذَلِكَ الْمَرْجِ، أَوِ الرَّوْضَةِ مِنْ شَيْءٍ، إِلَّا كُتِبَ لَهُ، عَدَدَ مَا أَكَلَتْ حَسَنَاتٌ، وَكُتِبَ لَهُ، عَدَدَ أَرْوَاثِهَا وَأَبْوَالِهَا، حَسَنَاتٌ، وَلَا تَقْطَعُ طِوَلَهَا فَاسْتَنَّتْ شَرَفًا، أَوْ شَرَفَيْنِ، إِلَّا كَتَبَ اللهُ لَهُ عَدَدَ آثَارِهَا وَأَرْوَاثِهَا حَسَنَاتٍ، وَلَا مَرَّ بِهَا صَاحِبُهَا عَلَى نَهْرٍ، فَشَرِبَتْ مِنْهُ وَلَا يُرِيدُ أَنْ يَسْقِيَهَا، إِلَّا كَتَبَ اللهُ لَهُ، عَدَدَ مَا شَرِبَتْ، حَسَنَاتٍ " قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْحُمُرُ؟ قَالَ: «مَا أُنْزِلَ عَلَيَّ فِي الْحُمُرِ شَيْءٌ، إِلَّا هَذِهِ الْآيَةَ الْفَاذَّةُ الْجَامِعَةُ»: {فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ، وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ} [الزلزلة: 8].
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) වගකීම ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබ පසුව නිරා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල හා ඔහුගේ පිට ස්ත්රික්ක කරනු ලැබේ. එය සිසිල් වන සෑම කලකම වසර පනස්දහසක ප්රමාණයකින් යුත් දිනයේ තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහු සඳහා මගක් ඔහු දකින තෙක් නැවත යොමු කරනු ලැබේ.” අල්ලාහ්ගේ දූතයාණනි! ඔටු හිමි පුද්ගලයා? යනුවෙන් විමසන ලදී. එතුමා: ඔටුවන් සතු අයකු ඒ සඳහා වූ වගකීම ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් -ඌ කිරි දෙන දිනයේ උගේ කිරි එරා (නිකුත් කිරීමද) ඌ සඳහා වන වගකීමක් වන්නේය.- මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගිරි දුර්ග කාන්තාරයක විසිකරනු ලැබ එයට අදාළ දෑ පූර්ණවත් කරයි. එයින් කිසිවක් අහිමි නොකරනු ඇත. උගේ කුරවලින් ඔහුව පාගා දමා උගේ කටින් ඔහුව සපා කයි. උන්ගෙන් පළමුවැන්නා ඔහු අසළින් ගමන් ගත් සෑම කලකම වසර පනස්දහසක ප්රමාණයකින් යුත් දිනයේ තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහු සඳහා වූ මගක් ඔහු දකින තෙක් ඔහු වෙත උන්ගෙන් තවත් එකෙකු නැවත එවනු ලැබේ.” අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ගව හා එළු හිමි පුද්ගලයා? යැයි විමසන ලදී. ගවයන් හා එළුවන් හිමි පුද්ගලයා ඒවායෙහි නියමයන් ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගිරි දුර්ග කාන්තාරයට හෙළනු ලැබේ. උන්ගෙන් කිසිවක් අඩු නොකරනු ඇත. එහි ඇඹුරුණු අං හෝ අං රහිත උන් හෝ ඇතුළතින් අං කැඩුණු කිසිවක් එහි නොපවතී. එවායෙහි අංවලින් ඔහුට අණින්නට ගනී. ඒවායෙහි කුර තුළින් ඔහුව පාගන්නට ගනී. එසේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තීන්දු දෙනු ලැබ ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහු මගක් දකින තෙක් වසර පනස් දහසක් වන දිනයක උන්ගෙන් මුල් සත්වයා ඔහු අසලින් ගමන් ගෙන ගිය සෑම අවස්ථාවකම උන්ගෙන් තවත් කෙනෙකු ඔහු වෙත නැවත යොමු කරයි. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් අශ්ව හිමියා? යැයි විමසන ලදී. එතුමා: අශ්වයින් වර්ග තුනකි: එය මිනිසෙකුට බරකි. තවද එය මිනිසෙකුට ආවරණයකි. තවද එය මිනිසෙකුට ප්රතිඵල ලබා දෙන්නකි. ඔහුට බරක් වන දෑ වනාහි, ඉස්ලාම් වැසියන්ට එරෙහි ප්රදර්ශනය කරමින් හෝ අහංකාරයෙන් හෝ උඩඟු කමින් උන් බැද දමා ඇත්නම් නම් ඔහුට එය බරකි. ඔහුට ආවරණයක් වන දෑ වනාහි, මිනිසෙකු ඌ අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම් කරයි. පසුව උන්ගේ පිට මත හා බෙල්ලේ අල්ලාහ් නියම කළ නියමය අමතක නොකරයි. එය ඔහුට ආවරණයකි. ඔහුට ප්රතිඵල දෙන දෑ වනාහි, මිනිසෙකු ඉස්ලාම් වැසියන් සඳහා තණ බිමක හෝ සරුසාර වත්තක හෝ ඌව සූදානම් කර තබයි. එසේ තණ බිමෙන් හෝ සරුසාර වත්තෙන් අනුභව කරන ප්රමාණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ බෙටි හා රෝම ප්රමාණයට යහපත ලියනු ලැබේ. ඌ කඹය කඩා උස් තැනි තලාවක් හෝ තැනිතලාවන් දෙකකට ගමන් ගත්තේ නම් උගේ අඩි සළකුණු හා උගේ බෙටිවල ප්රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියනු මිස නැත. උගේ හිමිකරු ඌ කැටුවාගෙන ගගක් අසළින් ගමන් ගත් විට, ඌ ඉන් පානය කළේ නම්, ඌට ජලය සැපයීමට ඔහු අපේක්ෂා නොකළ ද ඌ බොන වතුරේ ප්රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියනු මිස නැත. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් බූරුවා! යැයි විමසනු ලැබීය. එතුමා සියල්ල ඇතුළත් කරගත් පොදු වූ මෙම වැකිය මිස වෙනත් කිසිවක් බූරුවා සම්බන්ධයෙන් විශේෂයෙන් මා වෙත පහළ වී නැත. “එනම් කවරෙකු අනුවක තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු අනුවක තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී. (අස්-සල්සලා 7,8)
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

රන් හෝ රිදී සතු පුද්ගලයා ඒ සඳහා එහි සකාත් නිකුත් නොකරන තත්ත්වයේ පසුවූයේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබ. අපා ගින්නෙහි ඒවා මත ගිනි මොළවා එම තැටි මගින් ඔහුගේ ඇළ පෙදෙසත් ඔහුගේ නළලත් ඔහුගේ පිටත් ස්තිරික්ක කරනු ලැබේ. සිසිල් වන සෑම අවස්ථාවකම ගැත්තන් අතර තීන්දු දෙනු ලැබ ස්වර්ගය වෙත් හෝ නිරය වෙත හෝ ඔහු මාර්ගයක් දකින තෙක් වසර පනස් දහසක ප්රමාණයෙන් යුත් දිනයේ නැවතත් එසේ යොමු කරනු ලැබේ. රන් හා රිදී ඒවායෙහි අයිතිකරුවන්ට සෑම අවස්ථාවකම සකාත් නිකුත් කිරීම අනිවාර්යය වන්නේය. එසේ සිදු නොකළේ නම් ඔහුගේ ප්රතිඵලය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සඳහන් කළ පරිදි වනු ඇත. "c2">“ඔටුවන් සතු අයකු ඒ සඳහා වූ එහි අයිතිය ඉටු නොකරන්නේ නම්” යැයි විමසීය. එනම් ඔටුවන් අයිති පුද්ගලයා ඒ සඳහා සකාත් වශයෙන් නිකුත් කිරීමට අල්ලාහ් අනිවාර්යය කළ දැයින් වැළකී සිටි විට, ඌ ජලය වෙත පැමිණෙන දින උගේ කිරි දොවා උගේ කිරිවලින් මගීන්ට හා ජලය ලබන්නට එන උදවියට එය සැපයීමෙන් වැළකී සිටි විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගිරි දුර්ගයෙන් යුත් කාන්තාරයකට ඔහු විසි කරනු ලැබ ‘(මෙලොවෙහි ඌ වෙනුවෙන් නිකුත් කිරීමට මඟ හැරුනු දෑ) පූර්ණවත් කරයි. මුස්ලිම්හි සඳහන් වාර්තාවක ‘වඩාත් මහඟු දෑ” එනම් මෙලොවෙහි ඔහුගේ දඩුවමට අමතරව එය වැඩි කරමින් හා බලවත් කරමින් හා එහි මැවීම පූර්ණවත් කරමින් ඌ ඔහු පගා දමන තරමට වඩාත් බරින් යුත් මැවීමක් බවට පත් වනු ඇත. උන්ගෙන් පළමුවැන්නා ඔහු අසළින් ගමන් ගත් සෑම අවස්ථාවකම තවත් එකෙකු ඔහු වෙත නැවත යවනු ලැබේ.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක උන්ගෙන් තවකෙකු ඔහු අසළින් ගමන් ගත් කල්හි උන්ගෙන් පළමු වැන්නා නැවත යොමු කරනු ලැබේ.” ඉන් අර්ථවත් වනුයේ සැබැවින්ම ඔහු ගැත්තන් අතර තීන්දු දෙනු ලැබ ස්වර්ගය වෙත හෝ නිරා ගින්න වෙත හෝ ඔහුට මගක් ලබන තෙක් වසර පනස් දහසක් එමගින් දඬුවම් විඳිමින්ම සිටින බවයි. අල්ලාහ්ගේ දූතයාණනි! ගවහිමියා හා එළුහිමියා සම්බන්ධයෙන් වී නම් යැයි විමසන ලදී. එතුමා: ගවයා හෝ එළුවා සතු අයකු ඒවායෙහි අයිතිය ඒවායින් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උන් වෙනුවට ඔහු ගිරි දුර්ග කාන්තාරයකට හෙළනු ලැබේ.” ගවයින් හා එළුවන් සකාත් දීමෙන් වැළකී සිටින්නන්හට ඔටුවන් සකාත් වශයෙන් නිකුත් කිරීමට වැළකී සිටින්නන් අතර පවසනු ලැබූ දෑම පවසනු ලැබේ. එනම් උං අනින්නටත් කොටන්නටත් වඩාත් හොඳින් හා මනා ලෙස වැඬුනු අංවලින් යුත් සතුන් මෙන් පවතී. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් අශ්වයින්? එතුමා අශ්වයින් වර්ග තුනකි. ඌ මිනිසෙකුට බර දෙන්නකි. තවද ඌ මිනිසෙකුට ආවරණයකි. තවද ඌ මිනිසෙකුට ප්රතිඵල ලබා දෙන්නකි. එනම් අශ්වයින් වර්ග තුනකි. පළමු වර්ගයා එතුමාගේ වදනින් මෙසේ පැහැදිලි කළේය. "c2">“ඔහුට බරක් ගෙන දෙන අශ්වයා වූ කලී, ඉස්ලාමීය ජනයාට එරෙහිව මනා ලෙස අහංකාරයෙන් හා ප්රදර්ශනය කරමින් උන් සූදානම් කල මිනිසෙකි. එය ඔහුට බරක් වන්නේය. එම මිනිසා එම අශ්වයා සූදානම් කර ඇත්තේ ඉස්ලාමීය ජනයාට එරෙහිව අහංකාර කමින් උඩඟුවෙන් හා ප්රදර්ශනය කරමිනි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු මත බරක් වනු ඇත. දෙවන වර්ගයා එතුමාණන් මෙසේ පැහැදිලි කළහ. “ඔහුට ආවරණය වන දෑ වූ කලී. මිනිසෙක් ඌව අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම් කර තබයි. උගේ පිටවල් හා උගේ ගෙලවල් මත පවතින අල්ලාහ්ගේ අයිතිය ඔහු අමතක නොකරයි. එය ඔහුට ආවරණයක් වන්නේය. ඉන් අදහස් කරන්නේ තම අවශ්යතාව සඳහා උගේ අයිතිකරු ඌ සූදානම් කර ඇති අශ්වයාය. ඌ ප්රයෝජනය දෙන දැයින් ද උගේ කිරිවලින් ද ඌ මත බඩු ප්රවාහනය කරමින් ද ඌ හේතුවෙන් කුලිය ලබමින් ද ඔහු ප්රයෝජනය ලබයි. මිනිසුන්ගෙන් ආයාචනය කිරීමෙන් ඔහු එමගින් වළක්වා ගනී. ඔහුගේ එම ක්රියා අල්ලාහ්ට අවනත වීම හා ඔහුගේ තෘප්තිය අපේක්ෂාව යන කරුණෙහි විය. එය ඔහුට ආවරණයකි. සැබැවින්ම මිනිසුන්ගෙන් ඔවුන්ගේ වස්තුව පැතීම මිනිසා අබියස සීමා කරන ලද ප්රමාණවත් දෙයකි. පසුව ඔහු උගේ පිටවල් හා උගේ ගෙලවල් සඳහා වූ අල්ලාහ්ගේ වගකීම අමතක නොකළේය.’ එනම් අල්ලාහ්ගේ මාර්ගයේ හෝ අවශ්යතා ඇති අවස්ථාවක හෝ ඒ මත ගමන් කිරීම, ඌට දැරිය නොහැකි බරක් ඌ මත නොපැටවීම, ඌට යහපත ගෙන දෙන පරිදි ඌව රැකබලා ගැනීම. ඌට ඇතිවන හානියෙන් වළක්වාලීම යනාදිය තුළිනි. එය එහි හිමිකරුට දිළිඳුභාවයෙන් ආරවරණයක් වන්නේය. තුන්වන වර්ගය වනාහි, එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙසේ ප්රකාශ කරමින් මෙනෙහි කළහ. “ප්රතිඵල ගෙන දෙන දෑ වනාහි, මිනිසෙකු ඉස්ලාමීය ජනයා වෙනුවෙන් තණ බිමක හෝ සරුසාර උද්යානයක ඌ සූදානම් කර තබා ඇත. එම තණ බිමෙන් හා සරුසාර උද්යානයෙන් උන් අනුභව කරන්නේ නම් ඌ අනුභව කරන ප්රමාණයට ඔහුට කුසල් ලියනු ලැබේ. උන්ගේ බෙටි හා උන්ගේ මූත්රා තරමට කුසල් ලියනු ලැබේ. ඌ උගේ කඹය ලිහා උස් තැනකට හෝ තැන් දෙකකට ගමන් කරයි. උගේ පියවරවල් හා උගේ බෙටිවල ප්රමාණයට ඔහුට අල්ලාහ් කුසල් ලියනු මිස නැත. උගේ අයිතිකරු ඌ ගගක් අසළට දක්කාගෙන ගොස් ඌ ඉන් පානය කරන්නේ නම් තමන් ඌට ජලය සැපයීමට අපේක්ෂා නොකළ ද ඌ පානය කළ තරමට අල්ලාහ් ඔහුට කුසල් ලියනු මිස නැත. එනම්: ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා ඌව සූදානම් කර ඇති බැවිණි. එමගින් දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කිරීම සඳහා ඔහු විසින්ම ඒ මත නැග ජිහාද් කළද අල්ලාහ්ගේ මාර්ගයේ ඌ නතර කර තැබුව ද එක සමානය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසූහ. “කවරෙකු යුද මෙවෙලමක් සූදානම් කළේ ද ඔහු යුද්ද කළේය.” ඒ අනුව මෙම පුද්ගලයා අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස උත්තරිතර අල්ලාහ්ගේ මාර්ගයේ තම අශ්වයාව සූදානම් කර ඇත්තේය. මහපොළොවේ පැළෑටි ඌ උලා කන තරමට උගේ මූත්රා උගේ බෙටි තරම් වුව ද ඒ තරමට කුසල් ඔහුට හිමි වන්නේය. කුසල් ලියනු ලබනු ඇත. (ඔබේ පරමාධිපති කිසිවෙකුට අපරාධ කරන්නේ නැත.) උගේ කඹය කඩා උස් තැනිතලාවක් හෝ තැනිතලා දෙකක් වෙත පියනැගුව ද උගේ පා සලකුණු හා උගේ බෙටිවල තරමට අල්ලාහ් ඔහුට කුසල් ලියනු මිස නැත.” උගේ කඹය කඩා ගත්තද? එනම් නියමිත ස්ථානයේ රැකබලා ගැනීම සඳහා ඌ බැඳ තබා ඇති කඹයයි. ඌ කඹය කඩා ඒ හැර වෙනත් ස්ථානයක උලා කෑම සඳහා ගිය විට ඌ තරණය කළ උගේ කුර සළකුණුවල ප්රමාණයට හා උගේ බෙටිවල ප්රමාණයට උගේ හිමිකරුට ප්රතිඵල හිමිවනු ඇත. උගේ හිමි කරු ගගක් අසලින් දක්කාගෙන ගොස් ඌ ඉන් ජලය පානය කළ ද ඔහු ඌට ජලය සැපයීමට අපේක්ෂා නොකළ ද ඔහු පානය කරන ප්රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියනු මිස නැත. ඉන් අදහස් වනුයේ සැබැවින්ම අශ්ව හිමියා ඌ ගගෙන් පානය කිරීම හෝ ජලය ලැබීම හේතුවෙන් ඔහු ඌට ජලය සැපයීමට නොසිතුව ද ඔහුට ප්රතිඵල දෙනු ලැබේ. ඔහු ඌට ජලය සම්පාදනය කිරීමට අපේක්ෂා නොකළ ද ඌ පානය කරන සෑම ජල උගුරටම ඔහුට කුසල් හිමි වන්නේය. එය පෙර පැවති චේතනාව ප්රමාණවත් කරමිනි. එනම් අල්ලාහ්ගේ මාර්ගයේ ඌ සූදානම් කිරීමේ චේතනාවය. සියලු ක්රියාවන් සඳහා අදාළ ක්රියාවෙන් බැහැර වීමේ චේතනාව හේතුවෙන් අඩුවක් නොවන තාක්කල් එහි ආරම්භයේ සිට අවසානය දක්වා චේතනාව විටින් විට සම්බන්ධ කිරීම කොන්දේසි ලෙස පැනවෙන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණනි! බූරුවෙකු වී නම්? යැයි විමසන ලදී. එනම්: උගේ නීතිය කුමක් ද? ගොවිපල සතුන්ගේ නීතිය මෙන් උන් කෙරෙහි සකාත් අනිවාර්යය වන්නේ ද එසේ නැතහොත් උන් අශ්වයින් මෙන්ද යැයි විමසීය. එතුමා: බූරුවන් විෂයයෙහි මා වෙත පහළ කරනු නොලැබීය. එනම් උන්ගැන විශේෂයෙන් කිසිදු ප්රකාශයක් මා වෙත පහළ කරනු ලැබුවේ නැත. නමුත් සියලු යහපත හා හොද ඇතුළත් කර ගත් මෙම පොදු වැකිය පහළ විය. "c2">“කවරෙකු අනුවක තරම් යහපතක් සිදු කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු අනුවක තරම් නපුරක් සිදු කරන්නේ ද ඔහු එය දැක ගනී.” මෙය බුහාරි හා මුස්ලිම් විසින් දැනුම් දී ඇති හදීසයකි. මෙම වැකිය හොඳ හා නරක යන කරුණට පොදු වූ වැකියකි. ඊට හේතුව වඩාත් අල්ප අනුවක තරම් යහපතක් දුටු විට ඒ සඳහා ප්රතිඵල දෙනු ලැබේ. ඊට වඩා ඉහළින් යමක් ඇත් නම් එය වඩාත් උචිත හා වඩාත් වැදගත් වන බව අවධාරණය කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි "c2">“සෑම ආත්මයක්ම තමන් සිදු කළ යහපත ඉදිරියේ දකින දින, නපුරක් සිදු කළ අය සැබැවින්ම තමන් අතර හා ඒ අතර දිගු දුරසක් පවතින්නේ නම් මැනවයි ආශා කරනු ඇත.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර