ප්‍රවර්ගය:
عَنْ ‌أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ:

«سَيَكُونُ فِي آخِرِ أُمَّتِي أُنَاسٌ يُحَدِّثُونَكُمْ مَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ، فَإِيَّاكُمْ وَإِيَّاهُمْ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 6]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය."

الملاحظة
ہر حدیث کے نیچے حوالہ اور مرجع بھی ذکر کیا جائے تو بہت بہتر ہوگا۔
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 6]

විවරණය

තම සමූහයාගේ අවසන් කාලයේ බොරු ගොතා පවසන මිනිසුන් බිහිවනු ඇති බවත් ඔවුනට පෙර සිටි කිසිවකු නොපැවසූ දෑ ඔවුන් පවසා සිටිනු ඇති බවත් ගොතන ලද බොරු හදීස් දන්වා සිටිනු ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එබැවින් ඔවුන්ගෙන් දුරස්වන මෙන් ද ඔවුන් සමග වාඩි නොවන මෙන් ද ඔවුන්ගේ කතාවට සවන් නොදෙන මෙන් ද එතුමාණෝ අපට නියෝග කළහ. එය, ගොතන ලද හදීස් සිත් තුළ සහතික නොවනු පිණසය. එසේ වී නම්, ඉන් මිදීමට අපොහොසත් වන්නෙමු.

හදීසයේ හරය

  1. මෙය නබිත්වයේ අනාවැකි අතරින් වූ එක් අනාවැකියකි. සැබැවින්ම තම සමූහයා අතර සිදුවන්නට යන දෑ ගැන එතුමා දන්වා සිටියේය. එතුමාණන් දන්වා සිටි පරිදිම එය සිදු විය.
  2. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි හෝ ඉස්ලාම් ආගම කෙරෙහි හෝ බොරු ගොතා පවසන්නන්ගෙන් දුරස් වීම. ඔවුන්ගේ බොරුවට සවන් නොදීම.
  3. හදීස් වල සත්‍යතාව සහතික කිරීමෙන් හා ස්ථීර කර ගැනීමෙන් තොරව ඒවා පිළිගැනීම හෝ ඒවා ප්‍රචාරය කිරීම ගැන අවවාදය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (58)
ප්‍රවර්ග
අමතර