ප්‍රවර්ගය:
عن بعض أزواج النبي صلى الله عليه وسلم عن النبي صلى الله عليه وسلم قال:

«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2230]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් පිළිබඳව එතුමාණන්ගේ බිරියක් විසින් මෙසේ වාර්තා කරන ලදී:
"කවරෙකු සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටින්නේ ද ඔහුට දින හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය.”

الملاحظة
هل وردت كلمة ( فصدقه ) في صحيح مسلم ؟
النص المقترح كلمة فصدقه لم ترد عند مسلم ولكنها ثابته عند غيره كما جاء في مسند الإمام أحمد رحم الله الجميع

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2230]

විවරණය

සාස්තර කරුවන් වෙත යෑම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මෙය හූනියම් කාරයා, ජ්‍යොතිශවේදියා, පේන බලන්නා වැනි ගුප්ත දැනුම ගැන වාද කරමින් එවන් විවිධ හූනියම් ක්‍රම භාවිතා කරන්නන් හට යෙදුනු පොදු නාමයකි.- ගුප්ත කරුණු පිළිබඳ යමක් ඔහුගෙන් විමසූ වහාම, දින හතළිහක් තමන් ඉටු කළ සලාතයේ මහිමය ඒ හේතුවෙන් අල්ලාහ් තහනම් කරනු ඇත. ඒ අතරම එම පාපයට හා බරපතල වරදට දඬුවමක්ද ඔහුට හිමිවනු ඇත.

හදීසයේ හරය

  1. මන්ත්‍ර ගුරුකම් කිරීම, සාස්තර කරුවන් වෙත යෑම හා ගුප්ත දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමේ තහනම.
  2. සිදු කළ පාපක්‍රියාවන් සඳහා දඬුවමක් ලෙස, අවනත වීමෙන් හිමිවන කුසල්, මිනිසා අහිමි කර ගනු ඇත.
  3. හඳහන් හා ලග්න බැලීම, සාස්තර සහ පේන කියවීම - හුදෙක් දැනගැනීමේ අරමුණින් පමණක් වුව ද - මෙම හදීසයට ඇතුළත් වේ. මක්නිසාදයත් මේ සියල්ල ඉන්ද්‍රජාලය සහ ගුප්ත දැනුම දැන ගැනීමට හැකි බව හඟවන කරුණු බැවිනි.
  4. සාස්තර බලන්නන් වෙත යෑමේ ප්‍රතිවිපාකය මෙය නම්, සාස්තර කියන්නාගේ ප්‍රතිවිපාකය කෙසේ වනු ඇත් ද?
  5. දින හතළියක සලාතය කප්පාදු වන අතර නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් එහි පවතින කුසල් අහිමි වී යයි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
ප්‍රවර්ග
අමතර