«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2230]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් පිළිබඳව එතුමාණන්ගේ බිරියක් විසින් මෙසේ වාර්තා කරන ලදී:
"කවරෙකු සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටින්නේ ද ඔහුට දින හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය.”
සාස්තර කරුවන් වෙත යෑම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මෙය හූනියම් කාරයා, ජ්‍යොතිශවේදියා, පේන බලන්නා වැනි ගුප්ත දැනුම ගැන වාද කරමින් එවන් විවිධ හූනියම් ක්‍රම භාවිතා කරන්නන් හට යෙදුනු පොදු නාමයකි.- ගුප්ත කරුණු පිළිබඳ යමක් ඔහුගෙන් විමසූ වහාම, දින හතළිහක් තමන් ඉටු කළ සලාතයේ මහිමය ඒ හේතුවෙන් අල්ලාහ් තහනම් කරනු ඇත. ඒ අතරම එම පාපයට හා බරපතල වරදට දඬුවමක්ද ඔහුට හිමිවනු ඇත.