عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: أَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَنْكِبِي، فَقَالَ:

«كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ»، وَكَانَ ابْنُ عُمَرَ، يَقُولُ: إِذَا أَمْسَيْتَ فَلاَ تَنْتَظِرِ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلاَ تَنْتَظِرِ المَسَاءَ، وَخُذْ مِنْ صِحَّتِكَ لِمَرَضِكَ، وَمِنْ حَيَاتِكَ لِمَوْتِكَ.
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන "c2">“ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද ගන්න.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මෙලොවෙහි සැහැල්ලුවෙන් ජීවත් වීම, මතු ලොවින් වෙනතකට යොමු කරවන කටයුතුවල කාර්යබහුවීම අතහැර දැමීම, එහි ඇති තණ්හාව අඩු කර ගැනීම, දැහැමි ක්රියාවන් සිදු කිරීමට උනන්දු කරවීම, පාපක්ෂමාව කල් දැමීම ගැන අවවාදය, රෝගී තත්ත්යට වැටීමට පෙර නිරෝගී කාලය හා කාර්යබහුල වීමට පෙර විවේකී කාලය යහපත් දෑ සඳහා යොදා ගැනීම යනාදී කරුණු ගැන මෙම හදීසය කතා කරයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර