عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «ما من قوم يقومون من مجلس لا يذكرون الله تعالى فيه، إلا قاموا عن مثل جيفة حمار، وكان لهم حسرة».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු දේහයක් අසළින් නැගිට යන්නාක් මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවිල්ලක් වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: අල්ලාහ්ව මෙනෙහි නොකළ සභාවක කවුරෙකු වාඩි වන්නේ ද ඔවුන්ගේ තත්ත්වය දැඩි සේ කුණු වූ ගද ගසමින් පවතින බූරු මළ සිරුරක් සංග්රහයක් වශයෙන් තබන ලද මේසයක් අවට වාඩි වූ කෙනෙකුගේ තත්ත්වය මෙනි. එවන් සභාවකින් නැගිටින්නා ද එම කුණු වූ මළ සිරුරින් නැගිටෙන්නෙකු මෙනි. මෙය අල්ලාහ්ව මෙනෙහි කිරීම අතපසු කර දැමීම සඳහා වූ උපමාවයි. අවසානයේ ප්රයෝජනයක් නැති දෑහි ඔවුන්ගේ කාලය නාස්ති කොට අතපසු කළ බැවින් ඔවුන් දැඩි සේ කණස්සල්ලට පත් වනු ඇත. මුස්ලිම්වරුන් තම සභාවන් අල්ලාහ්ට අවනත වන හා ඔහුට නැමදුම් කරන ආකාරයෙන් පවත්වා ගන්නට පූර්ණ වශයෙන් ආශා කළ යුතු අතර ගද ගසන කුණු වී ගිය දැයින් ඔවුන් පලා යන්නාක් මෙන් වැඩකට නැති සභාවන්ගෙන් පළා යා යුතු වේ. සැබැවින් මිනිසා ඔහුගේ වේලාවන් පිළිබඳ ප්රශ්ණ කරනු ලබනු ඇත. විනිශ්චය කරනු ලබනු ඇත. එබැවින් එය යහපත් වී නම් යහපත් වනු ඇත. එය නපුරක් වී නම් නපුරක් වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර