عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَا مِنْ قَوْمٍ يَقُومُونَ مِنْ مَجْلِسٍ لَا يَذْكُرُونَ اللَّهَ فِيهِ إِلَّا قَامُوا عَنْ مِثْلِ جِيفَةِ حِمَارٍ، وَكَانَ لَهُمْ حَسْرَةً».
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 4855]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود - 4855]
යම් පිරිසක් සභාවක වාඩි වී පසුව අල්ලාහ් සිහි කිරීමකින් තොරව විසිර යන්නේ නම්, ඔවුන් බූරුවකුගේ ගඳ ගහන මළකුණක් අසළ රැස්ව සිට නැගිට ගිය අය මෙන් වන්නේය. ඊට හේතුව එම කතාව තුළ අල්ලාහ්ගේ මෙනෙහි කිරීමක් ඔවුන් විසින් නො කළ බැවිනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට එම සභාව අලාභයක් හා පාඩුවක් වන අතරම ඔවුනට පසුතැවිල්ල ද හිමි කර දෙනු ඇත.