1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් ‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رَضيَ اللهُ عنهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ:
«اللهُمَّ إِنِّي أَسْأَلُكَ الْهُدَى وَالتُّقَى، وَالْعَفَافَ وَالْغِنَى».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)

صحيح رواه مسلم صحيح مسلم - 2721

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැතූ ප්‍රාර්ථනාවක් වනුයේ: "‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා" අහෝ දෙවිඳුනි, සත්‍යය හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීමේ නිවැරදි මාර්ගය සැබැවින්ම මම ඔබෙන් පතමි. "වත්තුකා" නියෝග පිළිපැදීමටත් තහනම් කරන ලද දැයින් වැළකී සිටීමටත්, "වල්අෆාෆ" ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ යහපත් නොවන හා අනුමත නොවන දැයින් වැළකී සිටීමටත් "වල් ගිනා" සර්වබලධාරී පමරාධිපතියාණන් ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් ඉල්ලා නොසිටින පරිදි මැවීම්වලින් ස්වාධීන වීමටත් මම ඔබෙන් ඉල්ලමි.

හදීසයේ හරය

  1. යහමඟ, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම යන කරුණුවල ඇති යහපත හා ඒ අනුව හැඩගැසීමට උනන්දු කරවීම.
  2. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පවා තමන් වෙනුවෙන් ය් ප්‍රයෝජනයක් සිදු කර ගැනීමට හෝ යම් හානියක් සිදු කර ගැනීමට හෝ අයිතියක් නොවී ය. ඒ සඳහා අයිතිය ඇත්තේ උත්තරීතර අල්ලාහ්ට පමණය.
  3. මැවීම් සඳහා සෙත සැළසීම, හානි පමුණුවීම හා මඟපෙන්වීමේ හිමිකාරත්වය ඇත්තේ අල්ලාහ්ට පමණය. සමීප මලක්වරුන්ට හෝ එවන ලද වක්තෘවරුන්ට හෝ ඔවුන් හැර වෙනත් කිසිවකුට හෝ එහි අයිතිය නොමැත.

අර්ථ කථන නිරීක්ෂණය

43 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية