عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:

كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذْ سَمِعَ وَجْبَةً، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «تَدْرُونَ مَا هَذَا؟» قَالَ: قُلْنَا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «هَذَا حَجَرٌ رُمِيَ بِهِ فِي النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا، فَهُوَ يَهْوِي فِي النَّارِ الْآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. පසුව එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: "c2">“මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමා: “මෙය වසර හැත්තෑවකට කලින් අපා ගින්නට විසිකරන ලද ගලකි. එය අපා ගින්නට දැන් එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන සද්දයටය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි තුමාගේ මිතුරන් එතුමා සමග සිටියෝය. එවිට වැටෙන හඬකට ඔවුහු සවන් දුන්නෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මේ කුමක්දැ?යි නුඹලා දන්නෙහු ද? යැයි විමසූහ. එවිට ඔවුහු "c2">“මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෝය. එතුමා: “මෙය වසර හැත්තෑවකට කලින් අපා ගින්නට විසිකරන ලද ගලකි. එය අපා ගින්නට දැන් එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ අපා ගින්නට එම ගල පෙරළී වැටෙන සද්දයටය.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර