1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ‌ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි

عن تَميم الداري رضي الله عنه، قال: سمعتُ رسول الله صلى الله عليه وسلم يقول:

«‌لَيَبْلُغَنَّ ‌هَذَا الأَمْرُ مَا بَلَغَ اللَّيْلُ وَالنَّهَارُ، وَلَا يَتْرُكُ اللهُ بَيْتَ مَدَرٍ وَلَا وَبَرٍ إِلَّا أَدْخَلَهُ اللهُ هَذَا الدِّينَ، بِعِزِّ عَزِيزٍ أَوْ بِذُلِّ ذَلِيلٍ، عِزًّا يُعِزُّ اللهُ بِهِ الإِسْلَامَ، وَذُلًّا يُذِلُّ اللهُ بِهِ الكُفْرَ» وَكَانَ تَمِيمٌ الدَّارِيُّ يَقُولُ: قَدْ عَرَفْتُ ذَلِكَ فِي أَهْلِ بَيْتِي، لَقَدْ أَصَابَ مَنْ أَسْلَمَ مِنْهُمُ الْخَيْرُ وَالشَّرَفُ وَالْعِزُّ، وَلَقَدْ أَصَابَ مَنْ كَانَ مِنْهُمْ كَافِرًا الذُّلُّ وَالصَّغَارُ وَالْجِزْيَةُ.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් තමීම් අද් දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ‌ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි. තමීම් අද්-දාරී තුමා මෙසේ පවසා සිටියේය. මම ඒ ගැන මාගේ නිවැසියන් අතරින් දැන ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝ ඉස්ලාමය වැළඳ ගත්තේ ද ඔහුට යහපත, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්දාව, අපහාසය හා ජිස්යා බද්ධ නියම විය."

صحيح رواه أحمد مسند أحمد - 16957

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ දන්වා සිටියි: සැබැවින්ම මෙම දහම මහපොළොවේ සියලුම ප්‍රදේශ ආවරණය කරනු ඇත. කවර ස්ථානයකට රාත්‍රිය හා දහවල ළගා වන්නේ ද මෙම දහම ද ඒ වෙත ළඟා වනු ඇත. ගමේ හා නගරයේ හෝ පිටිසර ප්‍රදේශයේ හා කාන්තාර ප්‍රදේශයේ හෝ වේවා එහි ඇති කවර නිවසක් වුව ද අල්ලාහ් මෙම දහම එහි ප්‍රවේශ නො කර අත්හැර දමන්නේම නැත. කවරෙකු මෙම දහම පිළිගෙන එය විශ්වාස කළේ ද සැබැවින්ම ඔහු ඉස්ලාමයේ ගෞරවය හේතුවෙන් ගෞරවනීය පුද්ගලයකු වනු ඇත. කවරෙකු එයට පිටුපා එය ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු අවමානයෙන් යුතුව පහත් තත්ත්වයට පත්වනු ඇත.
පසුව තමීම් අද්දාරී සහාබිවරයා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර දෙයක් ප්‍රකාශ කළේ ද ඒ ගැන විශේෂයෙන් තම නිවැසියන් අතර හඳුනාගත හැකි වූ බවත් ඔවුන් අතරින් ඉස්ලාමය වැළඳගත් උදවියට යහපත ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය හිමි වූ බවත් ඔවුන් අතරින් එය ප්‍රතික්ෂේප කළ උදවියට අවමානය හා අපහාසය අත් වූ අතරම ධනයෙන් මුස්ලිම්වරුන් වෙත ජිස්යා බද්දක් ගෙවන්නට සිදු වූ බවත් ප්‍රකාශ කර සිටියේය.

හදීසයේ හරය

  1. සැබැවින්ම මුස්ලිම්වරුන්ගේ දහම මහපොළොවේ සියලුම ප්‍රදේශ වල පැතිරෙනු ඇතැයි මුස්ලිම්වරුන්ට ශුභාරංචි දැන්වීම.
  2. ගෞරවය, ඉස්ලාමය හා මුස්ලිම්වරුන් සතු ය. අවමානය, එය ප්‍රතික්ෂේප කිරීම හා එය ප්‍රතික්ෂේප කරන්නන් සතු ය.
  3. මෙහි නබිත්වයේ සාධකයක් හා සළකුණක් දක්නට ඇත. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටි පරිදිම එම කටයුත්ත සිදුවීමය.

අර්ථ කථන නිරීක්ෂණය

57 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ