عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَيْسَ الْمُؤْمِنُ بِالطَّعَّانِ وَلاَ اللَّعَّانِ وَلاَ الفَاحِشِ وَلاَ البَذِيءِ».
[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي: 1977]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"දැඩි සේ දොස් නගන, දැඩි සේ ශාප කරන, අශීලාචාර ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තැනැත්තා දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු නොවේ."
[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي - 1977]
මිනිසුන් හට ඔවුන්ගේ පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම, නිතර අධික ලෙස අපහාස කිරීම හා ශාප කිරීම, ක්‍රියාවෙන් හෝ වේවා කථාවෙන් හෝ වේවා කිසිදු ලැජ්ජාවකින් තොරව අසභ්‍ය ලෙස හැසිරීම සම්පූර්ණ විශ්වාසයක් ඇති මුඃමින්වරයකුගේ කටයුතු අතරින් නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.