«مَنْ قَرَأَ بِالْآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5009]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද, සැබැවින්ම අල්ලාහ් නපුර හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වාර්තාවක 'රාත්‍රියේ නැමදුම් කිරීමට එය ප්‍රමාණවත් ය' යනුවෙන් ද 'සෙසු ප්‍රාර්ථනාවන්ට එය ප්‍රමාණවත් වේ' යනුවෙන් ද 'සැබැවින්ම ඒ දෙක රාත්‍රි සලාතයේ කුර්ආනය කියවීමට වඩා ප්‍රමාණවත් වේ' යනුවෙන් ද මේවා හැර වෙනත් අදහස් ද වාර්තා වී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.