عن ابن عمر رضي الله عنهما قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «يُدْنَى المؤمنُ يومَ القيامة من ربه حتى يضع كَنَفَهُ عليه، فيُقرِّرُه بذنوبِه، فيقول: أَتَعْرِفُ ذنبَ كذا؟ أَتَعْرِفُ ذنبَ كذا؟ فيقول: ربِّ أعرف، قال: فإني قد سَترتُها عليك في الدنيا، وأنا أغْفِرُها لك اليوم، فيعطى صحيفة حسناته».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය විශ්වාස කරන්නා ඔහුගේ පරමාධිපති වෙත සමීප කරවනු ලැබේ. ඔහු වෙත ඔහුගේ කරුණාව හෙළන තරමටම පවතී. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව ඔබ මේ පාපය දන්නෙහි ද? ඔබ ඒ පාපය දන්නෙහි ද යැයි විමසයි. එවිට ඔහු මාගේ පරමාධිපතියාණනි මම හඳුනෙමි. යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබ මත වූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන්ම සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්රිකාව දෙනු ලැබේ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ගැත්තා වෙත අල්ලාහ් සමීප වෙයි. නතර කරනු ලැබූ අයගෙන් ඔහුව වසන් කරයි. තම පාපයන් හා රහසිගතව සිදු කළ වැරදි පිළිගන්නට සළස්වයි. මේ පාපය ගැන ඔබ දන්නෙහි ද? ඒ පාපය ගැන දන්නෙහි ද? යැයි විමසයි. පසුව ඔහු ඒවා පිළිගනී. එවිට අල්ලාහ්: සැබැවින්ම පෙරලොවෙහි ඔබ මත වූ මේවා මම වසන් කළෙමි. මැවීම් අතර ඔබව ප්රසිද්ධ නොකළෙමි. අද දිනත් එලෙසම ඔවුන්ගෙන් ඒවා මම වසන් කරමි. ඒවා සඳහා මම ඔබට සමාව දෙමි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර