«إذا قُلْتَ لِصَاحِبِكَ: أَنْصِتْ، يومَ الجمعةِ، والْإِمامُ يَخْطُبُ، فَقَدْ لَغَوْتَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 851]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
“ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි නුඹ නුඹේ මිතුරාට පැවසූ විට සැබැවින්ම නුඹ එය නිෂ්ඵල කර ගත්තේය.”
ජුමුආ දේශනාවට සහභාගී වන අය පිළිපැදිය යුතු විනය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී පැහැදිලි කර ඇත්තාහ. එනම්: දේශකයාට තම දේශනය සැලසුම් කරගත හැකි වන පරිදි ඔහු වෙනුවෙන් නිහඬ වීම ය. ඉමාම්වරයා දේශනය කරමින් සිටිය දී සුළු ප්‍රමාණයකින් වුව ද අනෙකාට 'නිහඬ වනු', 'සවන් දෙනු' යැයි කවරෙකු පවසන්නේ ද සැබැවින්ම ඔහු ජුමුආ සලායේ මහිමය අපතේ හැරියේය.