«الْمُؤْمِنُ الْقَوِيُّ، خَيْرٌ وَأَحَبُّ إِلَى اللهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ، وَفِي كُلٍّ خَيْرٌ، احْرِصْ عَلَى مَا يَنْفَعُكَ، وَاسْتَعِنْ بِاللهِ وَلَا تَعْجَزْ، وَإِنْ أَصَابَكَ شَيْءٌ، فَلَا تَقُلْ لَوْ أَنِّي فَعَلْتُ كَانَ كَذَا وَكَذَا، وَلَكِنْ قُلْ قَدَرُ اللهِ وَمَا شَاءَ فَعَلَ، فَإِنَّ (لَوْ) تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් ඉල්ලනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. එසේ වී නම් ෂෙයිතාන්ගේ ක්රියාව ඔබ විවෘත කරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
ශක්තිමත් දේව විශ්වාසියා යනු දේව විශ්වාසය තුළ ශක්තිමත් පුද්ගලයාය. මෙමගින් තම ශරීරයෙහි ශක්තිමත් තැනැත්තා දුර්වල විශ්වාසියාට වඩා උතුම්ය. ඔහු දුර්වල විශ්වාසියාට වඩා අල්ලාහ් වෙත ප්රියමනාපය යනුවෙන් අදහස් නොකෙරේ. ශක්තිමත් විශ්වාසියා හා දුර්වල විශ්වාසියා දේව විශ්වාසයෙන් එක සමාන වී නම්, එවිට ශක්තිමත් භාවය යනු ඔහු හැර වෙනත් අයකුට ද සෙත සළසන්නක් වන්නේය. නමුත් දුර්වලභාවය ඔහුගේ සෙත සැළසීම ඔහු මත පමණක් සීමා වන්නේය. මේ අනුව ශක්තිමත් පුද්ගලයා දුර්වල තැනැත්තාට වඩා උතුම්ය. සෑම දෙයකම යහපත ඇත. එසේ සඳහන්ව ඇත්තේ දුර්වල දේව විශ්වාසියා තුළ යහපතක් නැති බව ජනයා සැකයක් ඇති කර නොගනු පිණිසය. දුර්වල විශ්වාසියා තුළ ද යහපත ඇත. කිසිදු සැකයකින් තොරව ඔහු දේවත්වය ප්රතික්ෂේප කරන්නාට වඩා උතුම්ය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සමස්තයක් වශයෙන් උපදෙසක් දුන්හ. ඒ අනුව ආගමික කටයුත්තක වුව ද මෙලොව කටයුත්තක වුව ද ඔවුනට ප්රයෝජනවත් වන යම් ලැබීමක හා කිරීමක පරිශ්රමය යොදන මෙන් ඔවුනට නියෝග කළේය. ආගමික ප්රයෝජනය හා ලෞකික ප්රයෝජනය එකිනෙකට ගැටුනු විට ආගමික ප්රයෝජනයට ප්රමුකත්වය දිය යුතුය. ඊට හේතුව දහම විධිමත් වූ විට ලොවත් විධිමත් වන්නේය. ආගම විනාශ කිරීමත් සමග ලොව විධිමත් වන්නේ නම් සැබැවින්ය එය අර්බුධ ඇති කරනු ඇත. අල්ප දෙයක් වුව ද අල්ලාහ්ගෙන් ඔවුහු උදව් පැතිය යුතුය. එමෙන්ම ඔවුන් ඒ සඳහා මැලි නොවිය යුතු අතරම දුර්වල ද නොවිය යුතුය. එසේ ඔවුන් ආශා කොට, පරිශ්රමය යොදා, අල්ලාහ්ගෙන් උදව් පතා, ඒ මත පදනම්ව සිටීමෙන් පසු ඔවුන් ප්රිය කරන කරුණකට විරුද්ධ කරුණක් හෙළි වූ විටෙක ‘සැබැවින්ම අපි මෙය කර ඇත්නම් මෙසේ වන්නට තිබුණි යැයි පැවසීම ගැන ද එතුමා ඔවුනට නියෝග කළහ. සැබැවින්ම එය ඔවුන්ගේ අපේක්ෂාවන්ට ඔබ්බෙන් වූ කරුණකි. පුද්ගලයා තමන්ට නියෝග කරන දෑ සිදු කරනු ඇත. නමුත් අල්ලාහ් ඔහුගේ කටයුත්තට ඉහළින් සිටී. එසේ ප්රකාශ කළේ නම් කුතුහලයන් දුක් වේදනාවන් පසුතැවිලිවීම්වලට එය මග පාදනු ඇත. නමුත් පුද්ගලයාගේ යුතු කම වන්නේ සඳහන් වී ඇති පරිදි පැවසීමයි. එනම් ඉන් අදහස් කරන්නේ: ‘මෙය අල්ලාහ්ගේ නියමයයි. ඔහුගේ තීන්දුවයි. අල්ලාහ් අභිමත කළ දෑ ඔහු සිදු කළේය’ යනුවෙන් පැවසීමය.