ප්‍රවර්ගය:
عن عمر بن الخطاب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:

«إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ، وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ، فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ». وفي لفظ للبخاري: «إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1907]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."

الملاحظة
جزاكم الله خيرا ونفع بكم الاسلام والمسلمين وتقبل كل أعمالكم وجمعنا وإياكم والمسلمين مع النبي صلي الله عليه واله وسلم في الفردوس الأعلي اقتراحي لحضراتكم بأن يكون هناك كتاب لهذه الأعمال يوجد فيه ما تفصلتم من شرح وتوضيح بالاضافة الي كيف نطبق الحديث عمليا مثل كتاب القرآن تدبر وعمل فيكون السنة تدبر وعمل
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1907]

විවරණය

සෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය.
ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.

හදීසයේ හරය

  1. පිවිතුරු චේතනා ඇති කිරීමට උනන්දු කිරීම. සැබැවින්ම අල්ලාහ් තම තෘප්තිය උදෙසා සිදු කරන දෑ මිස වෙනත් ක්‍රියාවන් පිළිගන්නේ නැත.
  2. සර්වබධාරී අල්ලාහ් වෙත සමීපවන ක්‍රියාවන් වගකීම් දරන්නෙකු ඒවා සාමාන්‍ය පුරුද්දක් ලෙස සිදු කළේ නම්, එමගින් අල්ලාහ්ගේ සමීපත්වය අපේක්ෂා කරන තෙක් ඔහුට ඒ සඳහා වන කුසල් හිමි නොවනු ඇත.
الملاحظة
الحث على الإخلاص، فإن الله لا يقبل من العمل إلا ما ابتُغي به وجهه.
‏في كثير من الأحيان أعطي كثير من العمالة كروت جمعية خدمة المحتوى الإسلامي في اللغات والتي فيها موقعكم فيخبرني بعضهم أنه لا يعرف القراءة والكتابة فيحتاج أن يكون شرح الأحاديث صوتيا فأرجو منكم أن تتكرموا بإضافة ميزة قراءة الحديث لكي تعم الفائدة وجزاكم الله خير الجزاء
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
ප්‍රවර්ග
අමතර