عن أبي هريرة قال: قال رسول الله صلى الله عليه وسلم : «ألا أَدُلُّكُم على ما يَمْحُو الله به الخطايا ويرفع به الدرَجات؟» قالوا: بلى، يا رسول الله، قال: «إِسْبَاغُ الوُضُوء على المَكَارِه، وكَثْرَةُ الخُطَا إلى المساجد، وانتظارُ الصلاة بعد الصلاة فذلِكُم الرِّباط».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ් එමගින් වැරදි මකා දමන; එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? ඔවුහු: ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එතුමා: “අකමැති අවස්ථාවක වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වශයෙන් පියවර තැබීම හා සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටීමය. ඒවා එකිනෙකට බැඳී පවතින කරුණු වෙති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම මිතුරන්ට ඇතැම් කරුණු ඉදිරිපත් කළේය. එතුමාට පිළිතුරු දීමෙහි ඔවුන් පවසන්නට යන දෑ කුමක් දැයි එතුමා දැන සිටියහ. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අලංකාර ඉගැන්වීමකි. ඇතැම් විට එතුමා මිනිසා අවදිකරන තරමට ප්රශ්න ඉදිරිපත් කරති. එතුමා වෙත ඔවුන් ඉදිරිපත් කරනුයේ කුමක් දැයි ද එතුමා දනී. එතුමා: "c2">“අල්ලාහ් එමගින් වැරදි මකා දමන; එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි විමසා සිටියහ. ඔවුහු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසුවෝය. එනම්: ඔබ අපට දැනුම් දෙන්න. පාපයන් මකා දමා තරාතිරම් උසස් කරවන දෑ පිළිබඳ තොරතුරු අපට දන්වා සිටීම සැබැවින්ම අපි ප්රිය කරන්නෙමු. පළමුව: තමන්ට අකැමත්තක් පවතින තත්ත්වයක වුළු ධෝවනය පූර්ණවත් කිරීම. උදාහරණ වශයෙන් සීත කාලය මෙනි. එහි ජලය සිසිල්ව පවතී. එවිට මිනිසා එම දුෂ්කරතාව දරාගනිමින් තම වුළූ ධෝවනය පූර්ණවත් කරයි. එය දේව විශ්වාසයේ පූර්ණත්වය පෙන්වා දෙන්නකි. ඒ හේතුවෙන් අල්ලාහ් ගැත්තාගේ තරාතිරම් උසස් කරයි. ඔහුගේ වැරදි ඔහුගෙන් මකා දමයි. දෙවැන්න: මිනිසා දේවස්ථාන වෙත අපේක්ෂාවෙන් යුතුව පියනැගීම. ඒ වෙත යාම ඔහුට ආගම් ගත කර ඇත. එය පස්වේල සලාතය වෙනුවෙනි. දේවස්ථානය දුරින් පිහිටියද එය එලෙසමය. තුන්වැන්න: සලාත් ඉටු කිරීම සඳහා මිනිසා ආශාවක් දැක්වීම. සලාතයක් නිමා වූ සෑම විටෙකම ඔහුගේ හදවත අපේක්ෂාවෙන් සිටින අනෙක් සලාතය සමග බැඳී පවතී. සැබැවින්ම එය ඔහුගේ විශ්වාසය හා මහඟු සලාත් සඳහා වූ ඔහුගේ කැමැත්ත හා ඔහුගේ ආශාව පෙන්වා දෙයි. සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටින කල, සැබැවින්ම එය අල්ලාහ් එමගින් තරාතිරම් උසස් කිරීමටත් පාපකම් මකා දැමීමටත් හේතුවක් වන්නේය. පසුව අල්ලාහ්ගේ මාර්ගයේ බැඳී සිටිනවාක් සේ පිරිසිදුකම, සලාතය හා නැමදුම්වලදී අඛණ්ඩතාවය පවත්වාගෙන යන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර