ප්‍රවර්ගය:
عَن زَيْدِ بْنِ خَالِدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَنْ جَهَّزَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ فَقَدْ غَزَا، وَمَنْ خَلَفَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ بِخَيْرٍ فَقَدْ غَزَا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහුනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කරවන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. යුද වදින්නෙකුගේ යැපෙන්නන්ව (ඔහු නොමැති විටක) නිසි ලෙස රැකබලා ගන්නේ කවුරුන්ද ඇත්ත වශයෙන්ම ඔහුද යුද්ධ කළේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මිනිසා යුද වදින්නෙකු වෙනුවෙන් ඔහුගේ ප්රවාහන පහසුකම් භාණ්ඩ හා යුද ආම්පන්න සූදානම් කර දුන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔහුටත් යුද්ධ එසේ යුද වදින්නාගේ ප්රතිඵල නියම කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔහු යහපත මත පදනම්ව ඔහුට උදව් කර ඇති බැවිණි. එසේම යුධ භටයකු යුද්ධ කිරීමට සිතූ නමුත් තම අවශ්යතාවන් ඇති ඔහුගේ ඥාතීන් එයට ගැටලුවක් වෙයි. මුස්ලිම්වරුන් අතරින් මිනිසකු අමතා ‘යහපත උදෙසා මාගේ පවුල සමග අතහැර දමනු’ යැයි පවසා සිටියි. එවිට සැබැවින්ම එසේ ඔහු නතර කර දමා යන්නට උදව් කළ අයට ද දේව මාර්ගයේ කැපවන අයකු සතු කුසල් හිමි වනු ඇත. ඊට හේතුව ඔහු ඔහුට උදව් කර ඇති බැවිණි. මේ අනුව අල්ලාහ්ට අවනතවන කටයුතුවලදී පුද්ගලයකුට උදව් කරන්නට බලන සෑම කෙනෙකුටම ඔහුට සතු ප්රතිඵල හිමි වනු ඇත. දැනුම හදාරන්නෙකුට ඔහුට අවශ්ය පොත්පත් මිලදී ලබා දීමට, ආරක්ෂිත ස්ථානයක් සලසාදීමට හෝ වියදම් කිරීමට හෝ ඒහා සමාන කටයුත්තක් සඳහා උදව් කරන විට ඔහුට හිමි කුසලින් කිසිදු අඩුවක් නොකොට ඒ හා සමාන කුසලක් ඔහුට ද හිමි වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

ප්‍රවර්ග
අමතර