ප්‍රවර්ගය:
عن ابنِ عَبَّاسٍ رضي الله عنهما عن النبيِّ صلى الله عليه وسلم قال:

«أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: عَلَى الْجَبْهَةِ وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ، وَالْيَدَيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ الْقَدَمَيْنِ، وَلَا نَكْفِتَ الثِّيَابَ وَالشَّعَرَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 812]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. යැයි, තම අතින් තම නළල, නාසය අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු ද, පෙන්වූහ. "වස්ත්‍ත්‍රය හෝ හිසකෙස් හෝ අප එකතු නොකළ යුතුය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 812]

විවරණය

සලාත් ඉටු කරන අවස්ථාවේ ශරීර අයවය හතක් මත සුජූද් කිරීමට අල්ලාහ් තමන්ට නියෝග කළ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒවානම්:
පළමුවැන්න: නළල, එය නාසය හා ඇස්වලට ඉහළින් මුහුණේ පැතලි ව පවතින කොටසයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නාසය ද පොළොවට පතිත විය යුතු බව සහතික කරමින්, නළල හා නාසය එම කරුණු හතින් එකම අවයවයක් බව පැහැදිලි කරමින් තම අතින් තම නාසය පෙන්වූහ.
දෙවැනි හා තුන්වැනි අවයව වනුයේ අත් දෙකය.
සිව්වැනි හා පස්වැනි අවයව වනුයේ දණහිස් දෙකය.
සයවැනි හා සත්වැනි අවයව වනුයේ දෙපා ඇඟිලි ය.
සුජූද් කරන විට අපගේ හිසකෙස් බැඳ හෝ අපගේ ඇඳුම් එකට එකතු නොකරන ලෙස එතුමාණෝ අපට අණ කළහ. ඒ වෙනුවට, ඒවා බිම පතිත වන්නට සළසා එම අවයව සමගම සුජූද් කරනන්නට අපි ඉඩ හැරියෙමු.

الملاحظة
1- آية
النص المقترح لا يوجد...

හදීසයේ හරය

  1. සලාතයේ දී, එම අවයව හත මත සුජූද් කිරීම අනිවාර්යය වේ.
  2. සලාතයේ දී ඇඳුම් හා හිසකෙස් බැඳ ගැනීම පිළිකුල් සහගතය.
  3. සලාත් ඉටු කරන්නා තම සලාතයේ දී මද වේලාවක් රැඳී සිටිය යුතුය. එය තම සුජූදයේ ඉරියව්වන් හත පොළාවට නිසි අයුරින් තබා ගැනීමට හැකිවන පරිදිය. ආගමානගත කළ දික්රයන් එහි පවසන තරමට එහි දී ඔහු රැඳී සිටියි.
  4. හිස‌කෙස් එකට බැඳ ගැනීමේ තහනම විශේෂයෙන්ම කාන්තාවන්ට නොව පිරිමින්ට අදාළ වන්නේය. හේතුව කාන්තාව සලාතයේ දී ඒවා ආවරණය කිරීමට අණ කර ඇති බැවිනි.
الملاحظة
كراهية جَمْعِ وضَمِّ الثَّوب والشَّعَر في الصلاة.
ماحكمها
النص المقترح لا يوجد...
الملاحظة
كراهية جَمْعِ وضَمِّ الثَّوب والشَّعَر في الصلاة.
ماحكمها
النص المقترح لا يوجد...
الملاحظة
كراهية جَمْعِ وضَمِّ الثَّوب والشَّعَر في الصلاة.
ماحكمها
النص المقترح لا يوجد...
الملاحظة
كراهية جَمْعِ وضَمِّ الثَّوب والشَّعَر في الصلاة.
ماحكمها
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (57)
ප්‍රවර්ග
අමතර