عَنْ صُهَيْبٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ، قَالَ: يَقُولُ اللهُ تَبَارَكَ وَتَعَالَى: تُرِيدُونَ شَيْئًا أَزِيدُكُمْ؟ فَيَقُولُونَ: أَلَمْ تُبَيِّضْ وُجُوهَنَا؟ أَلَمْ تُدْخِلْنَا الْجَنَّةَ، وَتُنَجِّنَا مِنَ النَّارِ؟ قَالَ: فَيَكْشِفُ الْحِجَابَ، فَمَا أُعْطُوا شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ إِلَى رَبِّهِمْ عَزَّ وَجَلَّ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සුහෙයිබ් ඉබ්නු සිනාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්රිය කරන්නෙහු ද?” යැයි විමසයි. පසුව ඔවුහු: "c2">“අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද? යැයි පවසති. පසුව ඔහු බාධකය නිරාවරණය කරයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක් ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට වඩාත් ප්රිය මනාප නොවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ස්වර්ගයේ දේවත්වය විශ්වාසකරන්නන් හට පවතින සැප පහසුකම් අතරින් පැත්තක් මෙම උතුම් හදීසය අපට පැහැදිලි කරයි. මෙය ඔවුන් ස්වර්ගයට පිවිසීමෙන් පසුව උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ් අතර හා ඔවුන් අතර පවතින දෙබසකි. එය උත්තරීතරයාණන් ඔවුනට ඔවුන්ගේ සුවපහසුක්ම සඳහා ඔහුගෙන් තවත් අමතරව භුක්ති විඳීමක් යමක් අවශ්ය දැයි ඔවුන්ගෙන් විමසා සිටීමෙනි. පසුව ඔවුහු මුහුණු සුදුවන් කර තිබීම, ස්වර්ගයට ඇතුළත් කර තිබීම, අපා ගින්නෙන් ඔවුන්ව මුදවා තිබීම වැනි විවිධ ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කරමින් ප්රතිචාර දක්වති. අනතුරුව ඔවුනට ඉන් පසු කිසිදු ආශිරවාදයක් අවශ්ය නොවන උතුම් ආශිර්වාදයක් අල්ලාහ් ඔවුනට පිරිනමයි. එය ඔවුන් අතර හා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අතර පවතින තිරය ඉවත් කිරීමය. පසුව ඔවුහු ගෞරවණීය ඔහුගේ මුහුණ දෙස බලති. ඔවුනට භුක්ති විඳීම සඳහා පිරිනමනු ලද ඉතා උතුම්ම භාග්යය වනුයේ එයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර