ප්‍රවර්ගය:

عَنْ أَبِي مُـحَمَّدٍ الحَسَنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ - سِبْطِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَيْحَانَتِهِ-، قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«دَعْ مَا يَرِيبُك إلَى مَا لَا يَرِيبُكَ».

[صحيح] - [رواه الترمذي والنسائي] - [الأربعون النووية: 11]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුනුපුරා වන, අබූ මුහම්මද් අල්-හසන් ඉබ්නු අලී ඉබ්නු අබී තාලිබ් විසින් වාර්තා කරණ ලදී. "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ පාඩම් ලැබුවෙමි."
"ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي والنسائي] - [الأربعون النووية - 11]

විවරණය

යමක් තහනම් කරනු ලැබූවක් ද එසේ නොවන්නක් ද? එය හරාම් ද අනුමත ද යනාදී සැකයට තුඩු දෙන වචන හා ක්‍රියාවන් අත්හැර දමන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එනම් එය යහපත ය අනුමත ය යන ස්ථාවරත්වය ගොඩ නැගී සැකය දුරු වන තෙක්ම විය යුතුය.

හදීසයේ හරය

  1. මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
  2. සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
  3. ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
  4. අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية البامبارية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර