«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللهُ يُعْطِي، وَلَنْ تَزَالَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللهِ، لَا يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 71]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධය පිරිනමනු ඇත. සැබැවින්ම මම බෙදා හරින්නෙක්මි. අල්ලාහ් පිරිනමයි. මෙම සමූහයා අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් ඔවුනට විරුද්ධ වූ අය ඔවුනට හිංසා කළ නොහැක."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, අල්ලාහ් කවරෙකුට යහපත අපේක්ෂා කරන්නේ ද, ඔහුගේ ආගම පිළිබඳ අවබෝධය ඔහු ඔහුට පිරිනමන බවත්, සැබැවින්ම තමන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වනාහි, තමන්ට අල්ලාහ් විසින් පිරිනැමූ පෝෂණ සම්පත් දැනුම හා වෙනත් දෑ වෙන් කර, බෙදා හරින්නෙකු බවත් සැබැවින්ම පිරිනමන්නා අල්ලාහ් බවත් සෙසු උදවිය අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු සෙතක් සැළසිය නොහැකි සාධක පමණක් බවත් සැබැවින්ම මෙම ප්‍රජාව අවසන් හෝරාව ක්‍රියාත්මක වන තෙක් අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන බවත්, ඔවුනට විරුද්ධ වන අය විසින් ඔවුනට කිසිදු හානියක් සිදු කළ නොහැකි බවත් දන්වා සිටියහ.
في الحديث دليل على عظمة التفقه في الدين والحث عليه.اردو