«لاَ يُؤْمِنُ أَحَدُكُمْ، حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 13]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
කෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රිය කරන අවනතභාවය, මෙලොව හා මතුලොව පවතින යහපත තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක්, එමෙන්ම තමන් වෙනුවෙන් පිළිකුල් කරන යමක් ඔහු වෙනුවෙන් ද පිළිකුල් කරන තෙක් කිසිදු මුස්ලිම්වරයකුගේ විශ්වාසය සම්පූර්ණ වීම සහතික නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහෙයින් මුස්ලිම් සහෝදරයකු තුළ ඔහුගේ ආගමික කටයුතුවල යම් අඩුපාඩුවක් දුටු විට එය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. එහි යහපතක් දුටු විට එය ඔහුට සපුරා දී උදව් කළ යුතුය. ඔහුගේ ආගමික හා ලෞකික කටයුතුවල දී ඔහුට උපදෙස් දිය යුතුය.