+ -

عن الحسن بن علي بن أبي طالب رضي الله عنهما قال: حفظت من رسول الله -صلى الله عليه وآله وسلم-: «دَعْ ما يَرِيبك إلى ما لا يَرِيبك».
[صحيح] - [رواه الترمذي والنسائي وأحمد والدارمي]
المزيــد ...

අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ:
“ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 2518]

විවරණය

ඔබට සැක ඇති කරන ප්‍රකාශ හා ක්‍රියා අත්හැර දමන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය තහනම් කරනු ලැබූ දෙයක් වුව‌ද එසේ නැති වුව ද, එය තහනම් ද අනුමත ද යන්න ගැන සැකයක් පහළ වූ විට, එහි යහපත හා අනුමත භාවය ස්ථීර වී සැකයක් නැති තාක් එය අත්හැරිය යුතු ය. එමගින් සිත සන්සුන් වී සැනසුමට පත්වේ. කවර කරුණක සැකය ඇත්තේ ද එමගින් හදවත කලබලකාරී තත්ත්වයට පත්වන අතර එහි කුතුහලය ඇති වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية Oromo
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
  2. සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
  3. ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
  4. අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.