عَنْ ابْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«إِذَا رَأَيْتُمُوهُ فَصُومُوا، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَاقْدُرُوا لَهُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ශුද්ධ වූ ෂරීආව නීති මූල ධර්මයන් මත ගොඩනැගී ඇත. එහෙයින් ස්ථාවර කරුණකින් තොරව එය වෙනස්කමට භාජනය නොවේ. ඒ අනුව මෙහි මූලිකාංගය වනුයේ ෂඃබාන් මාසයේ පැවත්මයි. ෂඃබාන් මාසය දින තිහකින් සම්පූර්ණ නොවන තාක්කල් උපවාසය අනිවාර්යය වීමේ වගකීමෙන් නිදහස් වන්නේය. පසුව සැබැවින්ම එය අවසන් බව දැන ගැනීමෙන් හෝ රමළාන් මාසයේ සඳ දැකීමෙන් හෝ සැබැවින්ම තමන් ඒ තුළට පිවිස ඇති බව දැන ගනී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපවාසය රමළාන් මාසයේ උපවාසයේ නිරත වීමත් ඉන් මිදීමත් රමළාන් මාසය සමග සම්බන්ධ කළේ එබැවිණි. වළාවන් හේතුවෙන් හෝ සිහින් බව හේතුවෙන් හෝ එවන් වෙනත් කාරණා හේතුවෙන් එය වැසී තිබුණේ නම් ෂඃබාන් මාසය දින තිහක් ලෙස සම්පූර්ණ කරනු ලැබේ. ඊට හේතුව මූල පදනම එහි පැවත්ම වන බැවිණි. ස්ථීර කරුණකින් තොරව එය ඉවත් වීම නීතිගත කරනු නොලැබේ. පදනම් පාඨය වනුයේ "c2">“සැබැවින්ම මූලික කරුණ තිබෙන පරිදි තිබෙන තාක්කල් එය ඉතිරිව පවතී යන්නයි.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ