أَنَّ أَعْرَابِيًّا أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: دُلَّنِي عَلَى عَمَلٍ إِذَا عَمِلْتُهُ دَخَلْتُ الجَنَّةَ، قَالَ: «تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا، وَتُقِيمُ الصَّلاَةَ المَكْتُوبَةَ، وَتُؤَدِّي الزَّكَاةَ المَفْرُوضَةَ، وَتَصُومُ رَمَضَانَ» قَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ لاَ أَزِيدُ عَلَى هَذَا، فَلَمَّا وَلَّى قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى رَجُلٍ مِنْ أَهْلِ الجَنَّةِ، فَلْيَنْظُرْ إِلَى هَذَا». المزيد
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”