عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:

كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ: «يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»، فَقُلْتُ: يَا رَسُولَ اللهِ، آمَنَّا بِكَ وَبِمَا جِئْتَ بِهِ فَهَلْ تَخَافُ عَلَيْنَا؟ قَالَ: «نَعَمْ، إِنَّ القُلُوبَ بَيْنَ أُصْبُعَيْنِ مِنْ أَصَابِعِ اللهِ يُقَلِّبُهَا كَيْفَ يَشَاءُ».
[صحيح] - [رواه الترمذي وأحمد]
المزيــد ...

ෂහර් ඉබ්නු හව්ෂබ් විසින් වාර්තා කරන ලදී. "c2">“අහෝ දේව විශ්වාසවන්තයින්ගේ මව්තුමනි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔබ අසළින් සිටින විට අධික ලෙස ප්රාර්ථනා කරමින් සිටියේ කුමක්දැ?යි මට පවසන්නැයි උම්මු සලමා තුමියගෙන් මම විමසා සිටියෙමි. ඇය: එතුමා يا مقلب القلوب ثبت قلبي على دينك “යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” තේරුම: අහෝ හදවත් වෙනස් කරන්නානනි, මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව. යනුවෙන් අධිකව ප්රාර්ථනා කරමින් සිටියහ.
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අධික ලෙස ප්රාර්ථනා කරමින් සිටියේ "c2">“යා මුකල්ලිබුල් කුලූබ්” අහෝ හදවත් වෙනස් කරන්නානනි, යනුවෙනි. එනම් එය විටෙක අවනත වන්නටත් පිළිගැනීමටත් තවත් විටෙක පවටත් නොසැලකිලිභාවයටත් වෙනස් කරන්නනි, යනුවෙනි. "c2">“මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු” එනම් ඍජු දහමින් හා නිවැරැදි මාර්ගයෙන් ඉවතට නැඹුරු නොවී ඔබේ දහම මත පමණක් ස්ථාවරව පිහිටන්නක් බවට පත් කරනු යන්නයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර