عَن عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَاءِ وَمَا يَنُوبُهُ مِنَ الدَّوَابِّ وَالسِّبَاعِ، فَقَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«إِذَا كَانَ الْمَاءُ قُلَّتَيْنِ لَمْ يَحْمِلِ الْخَبَثَ».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගෙන් ජලය පිළිබඳවත් මෘග සතුන් හා උරග සතුන් ඉතිරි කළ දෑ පිළිබඳවත් විමසන ලදී. එවිට එතුමා: ජලය කුල්ලතෙයින් ප්රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත. යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම අධික ජලයෙහි අපිරිසිඳු දෙයක් වැටුනු වහාම එහි ස්වභාවයන්හි වෙනසක් ඇති නොවූයේ නම්, එය අපවිත්ර නොවන බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා විස්තර කර සිටියේය. නමුත් ජලය ස්වල්පයක් වී නම් බොහෝ දුරට එය නජීස් බවට පත් වේ. හේතුව එහි ස්වභාවයන් ඉක්මණින් වෙනස්වීමට ඉඩකඩ ඇති බැවිනි. මේ අනුව, අධික ජලයෙහි යම් කිසි නජීසයක් හේතුවෙන් එහි ස්වභාවයන් වෙනස් වූයේ නම් එය කුල්ලතය්න් ප්රමාණයෙන් තිබුණද එය පිරිසිදු යන තත්ත්වයෙන් අපිරිසිදු යන තත්ත්වයට පත් වෙයි. එම ප්රශ්නයේම මෘග සතුන් හා උරගයින් බී ඉතිරි වූ ජලය පිළිබඳවද සඳහන් වේ. බොහෝ විට උන් ඉතිරි කළ ජලය පිරිසිදු නොවන බව මෙයින් පෙන්වා දී ඇත. නමුත් ජලය අධිකව තිබී ඒ හේතුවෙන් එහි ස්වභාවයන් වෙනස් නොවූයේ නම් ජලය අපිරිසිදු නොවෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ