عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه:

عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ إِذَا أَصْبَحَ: «اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ» وَإِذَا أَمْسَى قَالَ: «بِكَ أَمْسَيْنَا، وَبِكَ أَصْبَحْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ» قَالَ: وَمَرَّةً أُخْرَى: «وَإِلَيْكَ الْمَصِيرُ».
[حسن] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උදෑසන එළැඹුණු විට, اللهم بك أصبحنا، وبك أمسينا، وبك نحيا، وبك نموت، وإليك النُّشُورُ යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවියනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමි. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය. සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللهم بك أمسينا، وبك نحيا، وبك نموت. وإليك المصير තේරුම: අහෝ දෙවියනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමි. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම ගැත්තා දිනය ආරම්භයේ මෙන්ම එහි අවසානයේ අල්ලාහ්ගේ ශක්තිය ඔහුගේ බලය තුළින් උදව් පතයි. සැබැවින්ම උදෑසන හා සවස කාලයත් ජීවය හා මරණයත් අපහට ඇති කළ ශුද්ධ වූ අල්ලාහ් බලය ඇත්තා බවත් නැවත යොමු කරනු ලබන ස්ථානය හා යළි අවදි කිරීමෙන් පසු රැස් කරනු ලබන ස්ථානය ඇත්තේ ඔහු වෙතම බවත් ඔහු පිළිගනියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර