عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: كَانَ مِنْ دُعَاءِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙක් වූහ. اللَّهُمَّ إنِّي أَعوذُ بك مِنْ زوالِ نعمتِكَ, وتحوُّلِ عافيتِكَ, وفُجاءةِ نقْمتِكَ, وجَميعِ سَخَطِكَ තේරුම: අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙය මහඟු ප්රාර්ථනයකි. එහිදී නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා (අහෝ අල්ලාහ් ඔබගේ ආශිර්වාදයන් ඉවත් වී යාමෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.) යැයි පවසා සිටියහ. එනම්, කිසිදු වෙනස්වීමක් සිදු නොවී ඔබ විසින් පිරි නැමූ ආශිර්වාදය පහව යාමෙන් රැකවරණය මම ඔබෙන් පතමි යන්නයි. (තවද ඔබගේ සුවය පෙරළීමෙන් ද) යම් කිසි රෝගයකින් හෝ දිළිඳු බවින් හෝ වෙනත් යම් හේතුවකින් ඔබ විසින් පිරිනැමූ සුවය වෙනතකට හැරී යාමෙන් රැකවරණය පතමි. එනම් මෙලොව හා මතුලොව සියලු කරුණුවල සුවය අල්ලාහ්ගෙන් පැතීමය. (ඔබගේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබගේ සියලු කෝපයන්ගෙන් ද) එනම් ඔබ දඬුවම් දීමෙන් හා ක්ෂණිකව ග්රහණය කිරීමෙන් මම ආරක්ෂාව පතමි යන්නයි. ප්රාර්ථනය අවසානයේ අල්ලාහ් කෝප වන හා ඔහු කෝපයට පත් කරවන සියලු දැයින් ආරක්ෂාව අයැද සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර