عَنْ أَبِي سَعِيدٍ سَعْدِ بْنِ مَالِكِ بْنِ سِنَانٍ الخُدْرِيّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا ضَرَرَ وَلَا ضِرَارَ».
[حسن] - [رواه ابن ماجه، والدارقطني، وغيرهما مسندًا] - [الأربعون النووية: 32]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් සඃද් ඉබ්නු මාලික් ඉබ්නු සිනාන් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
[حسن] - [رواه ابن ماجه والدارقطني وغيرهما مسندًا] - [الأربعون النووية - 32]
විවිධාකාරයෙන් මතුවන හිංසාවන් තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හෝ හානි කිරීමට කිසිවකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හානියට හානියක් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ද නැත. හේතුව එකම ආකාරයේ දෙයකින් හානිය ඉවත් කළ නොහැකි වීමයි. නමුත් සීමාව ඉක්මවා නොගොස් සමප්‍රතිචාරයක් වශයෙන් ලබා දෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවසර ඇත.