ප්‍රවර්ගය:
+ -

عَن ابنِ عباسٍ رضي الله عنهما أنَّ رسولَ اللهِ صلي الله عليه وسلم قال:
«لَو يُعطَى النّاسُ بدَعواهُم لادَّعَى رِجالٌ أموالَ قَومٍ ودِماءَهُم، لَكِنَّ البَيِّنَةَ على المُدَّعِى، واليَمينَ على مَن أنكَرَ».

[حسن] - [رواه البيهقي، وغيره هكذا، وبعضه في الصحيحين] - [الأربعون النووية: 33]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه البيهقي وغيره هكذا وبعضه في الصحيحين] - [الأربعون النووية - 33]

විවරණය

කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැතිව මිනිසුන් යමක් ගැන වාද කළ වහාම ඔවුනට එය පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන්ගේ ධනය හා ජීවිත ඉල්ලා (අසාධාරණ ලෙස) වාද කරනු ඇත. එහෙත්, හිමිකම් කියන්නා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි හා සාධක ඉදිරිපත් කළ යුතු බව නබි තුමාණන් පැහැදිලි කළහ. එසේ ඔහුට සාක්ෂි හා සාධක නොවීනම් නඩුව වාද කරනු ලබන්නාට ඉදිරිපත් කරනු ලබන අතර, එවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේ නම් ඔහු දිවුරා ඉන් ‌නිදොස් විය යුතුය.

හදීසයේ හරය

  1. ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය නීති මූල ධර්මයන්ගෙන් එක් මූල ධර්මයකි. බොහෝ විට මෙය යොමු කරනු ලබනුයේ ආරවුල් හා එකඟ නොවීමක් පවතින විටය.
  2. ෂරීආ නීතිය පැමිණියේ මිනිසුන්ගේ ධනය හා ඔවුන්ගේ ජීවිතය සමඟ ‌සෙල්ලම් කිරීමට නොව ඔවුන්ගේ ජීවිතයට අතවර නොකර ඒවා ආරක්ෂා කිරීම සඳහාය.
  3. නීතිපතිවරයා තම දැනුම මත තීන්දු නොකළ යුතුය. සැබැවින්ම ඔහු සාක්ෂි හා සාධක දෙස යොමු වී බැලිය යුතුය.
  4. කිසිදු සාක්ෂියකින් තොරව හිමිකම් පාන සෑම කෙනෙකුම ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත. එය අයිතිය සම්බන්ධයෙන් හෝ වේවා ගනුදෙනු සම්බන්ධයෙන් හෝ වේවා ‌එසේත් නැතිනම් විශ්වාසය හා දැනුම සම්බන්ධ ගැටුළුවලදී හෝ වේවා එක සමාන ය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda المجرية التشيكية الموري Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර